
(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
පස්සර සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මැදිව පිහිටි පස්සර වරාදොල ගම්මානයේ දරුවෝ ඔන්ලයින් පහසුකම් නොමැති දැඩි අපහසුතාවට පත්ව සිටිති .
පාසල් කටයුතු සදහා දරුවන්ට අවශ්‍ය ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට මව්පියන් අඩි සිය ගණන් උස විශාල අනතුරුදායක ගස්මුදුන් මතට නැග ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් රවුටර් ගස් මුදුන් මත ගැටගසා අවශ්‍ය ඔන්ලයින් පහසුකම් ලබා ගන්නා බවද ගම්වාසීහු පවසති .
සුන්දර මනරම් ප්‍රදේශයක පිහිටි පවුල් 300ක් පමණ ජීවත්වන මෙම වරාදොල ගම්මානයේ ප්‍රධාන ජීවනෝපා මාර්ගය වී ඇත්තේ කෘෂිකර්මාන්තය සහ ගොවිතැනයි .
කෝවිඩ් වසංගතයත් සමඟ මෙම වරාදොල ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම නතර වී ඇති අතර , ඔන්ලයින් පහසුකම් නොමැති නිසාවෙන් මෙම දරුවෝ කබලෙන් ලිපට වැටී අසරණව සිටිති .

2025 දෙසැම්බර් මස 04
411
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස්සර වරාදොල දරුවෝ ඔන්ලයින් නැතිව හූල්ලති
Sri Lanka Monday, 28 June 2021 04:28 PM
ළමයිනේ, එහෙනම් බිමට බැහැලා කුඹුරක් කොටන්න පුරුදු වෙයල්ලා. නැතිනම් ඉස්සරහට කුඩු කාරයින්ට වුණු දේම අපේ ළමයින්ටත් වෙනවා. ඔන්ලයින් වලට ඇබ්බැහි වෙලා...