(පාලිත ආරියවංශ)
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා අවදානම් පළමුවන අදියරට අදාළ කහ නිවේදන නිකුත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
වැසි තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ අනුව ඉදිරි නිවේදන නිකුත් කරන බවද එම ඒකකය සඳහන් කළේය.
ආපදා ආවදානම ඇතැයි හඳුනාගත් ස්ථානයන්හි ජීවත්වන පිරිසට අවධානයෙන් පසුවන්නැයිද, මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබෙන්නේ නම් ආරක්ෂිත ස්ථාන කරා යන්නැයිද උපදෙස් දී ඇත.
පොළවේ ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, ගිලාබැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, දුරකථන කුලුණ යනාදිය, ගොඩනැගිලිවල, ගෙබිම හා බිත්තිවල ඇතිවන පිපිරුම්, එක්වර ජල උල්පත් මතුවීම, පැවැති ජල උල්පත් බොරවීම, අවහිර වීම හෝ නැවතීම ආදිය නාය යාමක පූර්ව ලක්ෂණ විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 04
38
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
339
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ