(සුජිත් හේවාජුලිගේ)

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුව නිර්දේශ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

ඉදිරියේදී ඔවුන් එම නිර්දේශය සම්පූර්ණ කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ අතර එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් පමණ මෙරටට දැනට ලැබී ඇති බවත් එන්නත්කරණය සඳහා තවත් එන්නත් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බවත් ගුණසේන මහතා කීවේය.