(පාලිත ආරියවංශ)
ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි අද (15) උදේ 7.20 ට කන්ටේනර් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව බදුල්ල පොලිසිය පොලිසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් (6)නැමති බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි.
ශිෂ්‍යයාගේ මිත්තනිය මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග පාසැල බලා ගමන් කරමින් සිටියදී බදුල්ල ඉන්ධන පිරවුම් හල ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.මෙම අනතුරේදි මිත්තනියට ද බරපතල තුවාල සිදුව ඇති නමුත් අනෙක් නිවුන් දරුවාට අනතුරක් සිදුව නැත.
අනතුරෙන් බේරුණු දරුවාද අද දින මුල් වරට පාසැල් යමින් සිටියේය. තුවාල ලැබූ මිත්තනිය බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.
අනතුර සිදුකළ කන්ටේනර් ලොරිය හා එහි රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.
බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදෙන්ම දැක්ක දෙයින් හිතට ලොකු කණගාටුවක් දැනුණා. අනතුර වූ විදිය ගැන අපි දන්නේ නෑ. ඒත් මීට වැඩිය රියදුරන් මෙන්ම පදිකයින්ද මාර්ගයේ ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතුමයි...
ඉතාම අනුවේදනීය පුවතක්....
හරිම දුකයි....
මොකද පටස් ගාලා ඇප දෙනවනේ... පොඩි දඩයක් ගහයි.
හරිම කණගාටුදායකයි. රියදුරන් වගේම, පාරේ යන අයද කල්පනාකාරී විය යුතුයි... නිවන්සුව ලැබේවා...!!!