(රංජන් කස්තුරි)

ගුරුවරුන්ට සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දීමෙන් පසු රට තුළ පාසල් පියවරෙන් පියවරට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පාසල් වසා තබා සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිවැරදිව කළ නොහැකි බවද ලේකම්වරයා කීය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පියවරින් පියවරට පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා කීවේය.

දරුවන් නිවෙස් වලට කොටු කර තැබිය යුතු නොවන අතර අධ්‍යාපන කටකටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම් සිදු කළ යුතු බවද ඒ සඳහා පාසල් විවෘත විය යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.