
(යොහාන් භාසුර)
පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (25) පැමිණිල්ලක් කර තිබේ.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ‘සූම්’ තාක්‍ෂණ ඔස්සේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා ඇතුළු පිරිසක් තමන් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් ඇතුළු පහසුකම් සැපයූ බවට ද්වේශ සහගතව කළ ප්‍රකාශයෙන් පිළිබඳව පරීක්‍ෂණයක් කළ යුතු බවත් මෙවැනි අසත්‍ය චෝදනා මගින් රාජ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් සේවය කරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට කළින් කණා පැනලා වගේ...
මහමොලකාර පවුලේ සාමාජිකයෙක් වෙන්න ඇති...
සිරිල් ගාමිණී පියතුමා දැන් ක්‍රෙඩිබල් සාක්ෂි ගොඩාක් අරගෙන ඔප්පු කරයි නේද ?
කවුරුත් දන්නා කරුණක්, පියතුමා හරි.
ඕකත් නිකන් ප්‍රහාරයක් විතරයි. මේ ගෝත 225 යවන්නෙ මේ රටේම ඉන්න අය.