



(ශාන්ත රත්නායක)
පසුගිය වසරේ අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය අනුස්මරණය කරනු සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් කරන ලද ඉල්ලීම වෙනුවෙන් අද (21) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී බෝධිපූජාමය පිංකමක් සහ ඝණ්ඨා නාද පිංකමක් සිදුකර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූවන්ට පිංපෙත් අනුමෝදනාවක් සිදුවිය.
එම අවස්ථාවට ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර හිමි පුධාන මහා සංඝරත්නය, අමාත්‍ය බන්දුල ගුනවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ තායිලන්තයේ ගිහින් කියලා.
මෙම අවාසනාවන්ත සිදුවීමේ හේතුවෙන් තම ජිවිත අහිමු වූ සියල්ලෝටම අපගේ හදපිරි සංවේගය පුදන අතර ඒ සැමටම නිවන්සුව අත්වේවා !! එලෙසම තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම මිලකළ නොහැකි මෙම ජිවිත අහිමිකිරීමට වචනයකින් හෝ සම්බන්දවූ අයට මෙම පාප කර්මය හේතුවෙන් නිසි දඩුවම් ලැබෙන තෙක් සියලුම අහිංසක මහජනතාව බලා සිටින බව සදහන් කිරීමටද කැමැත්තෙමු.