(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
හෙට (28) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමන්ට පෙනී පෙනීසිටින ලෙස දැනුම් දැනුම්දී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඒ අනුව පෙරවරු 10.00 ට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල විදේශගතව සිටි අතර ඉකුත් බදාදා(21) යළි දිවයිනට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු මෝරුන් එළියේ ඉද්දී අපිට බොරු මාධ්‍ය සංදර්ශන දානවා.. සොනික්ව අල්ලපන්කෝ…
හරීන් CID එකට බයවෙන්න එපා.. මොකද ඔබ වරදක් කරලා නැහැ.. ඔය ඕක කරපු කට්ටිය දන්නවා නම් කෙළින්ම නම් කියන්න.. ඒක සමාජයට කරන ලොකු උපකාරයක්..
බලාගෙන... ඇතුළට දායිද දන්නේ නෑ...