IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලයි

(නාලක සංජීව දහනායක)

පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා ප‍්‍රහාරය පිටුපස සිටින බලවේගවලට දඬුවම් කිරීමට ස්වාධීන පරීක්‍ෂණ කොමිසමක් කඩිනමින් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කළ බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (7) පැවැසීය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය එල්ලවී මේ වනවිට මාස තුනකට අධික කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්‍ෂණයක් සිදුනොවන බව පෙනෙන්නට ඇතැයි ද විපක්‍ෂනායකවරයා කීය.

එබැවින් වැරදිකරුවන්ට දඩුවම් දීම සඳහා රජය ඉක්මණින්ම තීන්දුවක් ගත යුතු බව කී අතර මේ තත්ත්වය තවදුරටත් ඇදෙන්නට දිය නොහැකි යැයි ද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කිතුණු ආගමික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායකවරයාගේ නිල නිවසේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවද විපක්‍ෂනායකවරයා කීය.

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (12)

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලයි

sirimal Wednesday, 07 August 2019 12:21 PM

ඒ එක්කම වැලිවේරියේ, තාජුදීන්ගේ, රතුපස්වල, වැලිකඩ, කොළඹ හිටපු යාචකයින්ගේ, කප්පම් ගන්න අතුරුදහන් කළ දරුවන්ගේ, එක්නැලිගොඩගේ වගේම අනෙකුත් අභූත සිදුවීම් පිළිබඳ නිර්මාණය වුණු කතන්දර ගැන හොයන්නත් කොමිසම් පත්කරමු නේද අපේ මහත්තයෝ?

:       3       259

MaheeWednesday, 07 August 2019 08:59 PM

හරියටම හරි සිරිමල්. දැන් කතෝලික ඡන්ද කීයක් හරි කඩාගන්න අවස්ථාව ඇවිල්ලනේ.. එ්කයි ඔය හදිස්සියේම මාස තුනකට පස්සේ ඇහැරිලා තියෙන්නේ...

:       0       33

chamath Wednesday, 07 August 2019 01:28 PM

සිරිමල් ඔයා සමනලයෙක් නේද?

:       133       166

sirimalWednesday, 07 August 2019 06:23 PM

චමත් මට හරිම කණගාටුයි.. ඔබ වගේ අපතේ යන ජීවිත ගැන. වෙන මොනවා කියන්නද?

:       0       44

athuraThursday, 08 August 2019 04:26 AM

චමත් මහත්මයා හිතන විදිහට මහින්ද මහත්මයා ළඟ ඉන්නේ සමනල්ලු නෙමෙයි බඹරු. හැබැයි දන්නෝ දනිති...

:       0       50

MaheeWednesday, 07 August 2019 09:02 PM

චමත්, සත්‍යය පෙනිපෙනී නමුත් ඇස් නොපෙනෙන ඔබ වැන්නන් නිසා ලංකාව කවදාවත් ගොඩ එන්නේ නැහැ. ඇස් අරින්න, අවදිවන්න. රට ගැන හිතලා නිවැරදි තීන්දුවක් ගන්න තරම් ඔබටත් ඇස් ඇරේවා...!!!

:       0       36

අප්පුහාමි Wednesday, 07 August 2019 01:53 PM

තවතවත් කොමිෂන් පත්කිරීමෙන් වෙන්නේ සිද්ධිය තවත් යටවීම පමණයි. මෙයට දශක කීපයකට පෙර එක් කවියෙක් නිසිලෙසට කිසිවක් නොකෙරෙන කොමිෂන් පත්කිරීම උපහාසට ලක්කර තිබුණේ. හොද්ද ළුෑණුවැඩි නිසා අඹුවට ගෙහිමියා සැරවූ හැටි... බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටි... රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කල හැටි... නැද්ද තව කොමිෂන් සභාවට කිව්වේ..?

:       49       70

අප්ප්‍රහාමිThursday, 08 August 2019 01:07 AM

මෙහි හොද්ද ලුණු වැඩිනිසා කියා නිවැරදි විය යුතුයි..

:       0       1

Chanak los angeles Wednesday, 07 August 2019 03:59 PM

මාර හොඳ මනුස්සයෙක්නේ කව්ද බොලේ මේ? මෙයාව රටේ නායකයා කළා නම් රට සුරපුරයක්නේ.. මැරිලා යලි ඉපදුණු අය මෙහෙම කියයි.

:       2       8

අබේවර්දන Wednesday, 07 August 2019 04:49 PM

කට කහනවට කියනවද, මලමිනී එක්ක දේශපාලනය කරනවද? ඔබතුමා.

:       0       2

Chanak los angeles Thursday, 08 August 2019 02:43 AM

2015ට පෙර එවකට රජකම් කළ රාජපක්ෂ පවුල විසින් අරලියගහ මන්දිරයේ වැඩ වසමින් කෑමට බීමට වැය කළ මුදල වන රුපියල් කෝටි 400 කටත් වැඩි මුදල 2019 අවසන් වීමට පෙර ගෙවන ලෙස අදාල ආයතන විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හිඟමුදල් ගෙවීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පසුගිය 06 වෙනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2015ට වර්ෂයට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා ගන්නා ලද භාණ්ඩ හා සේවා සඳහා රු. 4,414,615,343,.02 ක එනම් රුපියල් හාර බිලියන හාරසිය දාහතර මිලියන හයසිය පහලොස් දහස් තුන්සිය හතලිස් තුනයි ශත දෙකක වටිනා හිඟ කොන්ත්‍රාත් බැඳීම් නිරවුල් කිරීම සඳහා, ලබා දීමට ඇති වට්ටම්ද ලබාගෙන අදාල ආයතන 259ක් වෙත රු. 3,631,434,222,.02ක් එනම් රුපියල් තුන් බිලියන හයසිය තිස් එක් මිලියන හාරසිය තිස් හතර දහස් දෙසිය විසි දෙකයි ශත දෙකක මුදලක් සියලුම හිඟ කොන්ත්‍රාත් බැඳීම් නිරවුල් කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. යකුනේ මේ ගෙවන්න යන්නේ මැදමූලනයේ බූදලයෙන්ද? නැතිනම් සිරිසේනලාගේ හාල් මෝලෙන්ද?

:       0       22

de silva berlin Friday, 09 August 2019 09:22 AM

කොමිසම් අවශ්‍ය නැහැ. ඔබතුමා හොඳ දක්ෂ පෙරකදෝරු මහතෙක්නේ? වැරදිකරුවන් පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබෙනවා නම් කෙලින්ම නඩු පවරන්න. ඔය කොමිසම් පත්කළාම ඕවාට කෝටි ගණන් ජනතා මුදල් වැයවෙනවා. අන්තිමට වරදකාරයන් සොයගත්තත් දඬුවම් කරන්න කොමිසමට බලයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 391 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site