IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමලා

(දසුන් රාජපක්ෂ)
 
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමා ඇති බව වැඩ තහනමකට ලක්ව සිටින, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද(16) පැවසීය.
 
එලෙස ජනාධිපති සම්මාන ලබාදීමට පදනම කුමක්දැයි තමන් නොදන්නා බවද ඒ මහතා සාක්ෂිදෙමින් සඳහන් කළේය.මෙම තොරතුරු තමන්ට තෙවැනි පාර්ශ්වයක් මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු බවද ඒ මහතා කියාසිටියේය.
 
නිල නොවන මට්ටමින් තමා වෙත ලැබුණු එම තොරතුරු පිළිබඳ පසුවිපරමක් සිදුනොකළ බවද නාලක ද සිල්වා මහතා පැවසීය.
 
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද(16) රැස්විය.

(ඡායාරූපය - චතුර එස් කොඩිකාර)



අදහස් (4)

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතැම් බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපති සම්මාන පිරිනමලා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 July 2020 02:00 PM

මෙතුමා සෑහෙන කාලයක් මේ සම්බන්ධයෙන් දුක් වින්දා පෙණුනා. මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය මහත්වරුන් සම්බන්ධයෙන් නාමල් කුමාරයෙකු කී දෙයක් ගැන රටේ මහා ආන්දෝලනයක් පැවතුණා. නාමල් කුමාර පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ලෙස පත්වෙන කතාවක් ඇසුණා. එහෙත්, දැන් නාමල් කුමාර ගැන හෝ ඔහු කළ චෝදනා ගැන සිරිසේන මහතා හෝ වෙනත් කෙනෙක් හෝ කිසිවක් කරනු පෙනෙන්නේ නෑ.. කෝ මේ නාමල් කුමාර? ඔහුට මොකද උනේ?

:       31       1107

සෑම් Thursday, 16 July 2020 02:28 PM

ඔව්, තව තව සම්මාන හම්බවෙයි අගෝ 5න් පස්සේ. මෙහෙමත් කාලකන්නි පව්කාර පාලකයින් ඉන්න රටක්...

:       34       514

බද්රානි Thursday, 16 July 2020 02:30 PM

ඔය කාටකාටත් අවශ්‍ය ලෙස පාස්කු ප්‍රහාරය සිදුකළාට පසුව, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන එක අහන්නත් දෙයක්ද? කතෝලික ඡන්ද ටික කොල්ලකන මගඩිය අති සාර්ථක ලෙස සිදුවුණා.

:       212       1052

මුණසිංහFriday, 17 July 2020 01:57 AM

සම්පූර්ණයෙන් වැරදි අදහසක්... එහෙම නම් අපිට කියන්න තියෙන්නේ කට්ටියක් එකතුවෙලා කතෝලික ඡන්ද අපිට එපා කියලා කියපු එකයි මේ වෙලා තියෙන්නේ. මේ සම්මාන පිරිණමා තියෙන්නේ ප්‍රහාරය සාර්ථකව සිදු කළ එකට කෘතගුණ සැළකීමක් වශයෙන් නේද? එහෙම නම් මේ වැඩේ කරවලා තියෙන්නේ කවුද කියලා පැහැදිලි නැත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site