IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘පාස්කු ප‍්‍රහාරයට රටේ දේශපාලන නායකත්වය වගකිව යුතුයි‘‘

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරිදා සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සම්බන්ධයෙන් රටේ දේශපාලන නායකත්වය වගකිව යුතු බවත් රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීම ආණ්ඩුවේ වගකීම යැයි එම ප‍්‍රහාරයෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පෙත්සම් ගොනු කර ඇති කතෝලික පියවරුන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ අද (29) කියා සිටියේය.

පාස්කු ඉරිදා කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අද (29) දෙවැනි දිනයටත් පැවැත්වූ අතර එහිදී ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මේ බව කියා සිටියේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

පෙත්සම්කාර කතෝලික පියතුමන්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණ හමුවේ කරුණු දැක්වමින් මෙසේද පැවසීය.

‘‘මේ සිද්ධියෙන් විශාල ජීවිත හා දේපළ හානි සිදු වුණා.රටට ආර්ථික හානි සිදුවුණා. රටට ආර්ථික හාන සිදු වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් තිබියදී බලධාරීන් නිසි පියවර ගෙන නැහැ. මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී තිබෙනවා.

ජනතාවට ආරක්ෂාව ලබා දීම බලධාරීන්ගේ වගකීමයි. ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ජනාධිපති ලේකම්වරයා මෙම සිද්ධිය පිළිබඳව දැනුම්වත් තිබෙන බවත් එක් දිවුරුම් ප‍්‍රකාශයකින් සනාථ වෙනවා. 

මෙම සිද්ධිය පිළිබඳව සෘජුවම දේශපාලන නායකත්වය වගකිව යුතුයි. වගඋත්තරකරුවන්ගේ දිවුරුම් ප‍්‍රකාශවලින් තහවුරු වනවා. බැලූ බැල්මට මෙහි නඩුකරයක් පවතින බවට‘‘ යැයිද පැවසීය.



අදහස් (2)

‘‘පාස්කු ප‍්‍රහාරයට රටේ දේශපාලන නායකත්වය වගකිව යුතුයි‘‘

Chanak los angeles Monday, 29 July 2019 09:31 PM

එහෙනම් රටේ ආරක්ෂක ප්‍රධානියා වන විධායකයා නේද වගකියන්න ඕනේ? අපිට නම් පෙනෙන්නේ ජනාධිපති කලුකෝට් හාදයා විධායකයේ කොන්ත්‍රාත් එකක් ඉෂ්ට කරනවා. මේ දෙන්නා කාරක සභාවේ කරපු ප්‍රකාශයන් අනුව ඕන මෝඩයෙක්ට වැටහෙනවා මේ ප්‍රහාරය විධායකයාට දන්වලා කියලා... කාරක සභාව විධායකයාට සාක්ෂි සඳහා ගෙන්වන්න ඕනේ කීවාම මම එන්නේ නැහැ කියමින් එය මගහැර ගියේ ඒ සියල්ල ෆොන්සේකා විධායකගෙන් ප්‍රශ්න කරාවි කියන බයෙනුයි. කලුකෝට් කාරයෝ ඇයි නීතිය කබායේ දාගන්න යන්නේ?

:       0       0

Bamunuarachchi Tuesday, 30 July 2019 02:11 AM

මොවුන් මුස්ලිම් ත්‍රස්තවාදයට පමණක් නොව LTTE ත්‍රස්තවාදයටත් උදව් කළා. ආයුධ දුන්නු සල්ලි දුන්නු ඒ කාලේ... සිංහල කොල්ලන්ව විතරක් ටයර්වල පිච්චිලා බෙලිකපලා පාරේ කොටුවල ගහලා තිබුණා. එහෙම තම සගයින් මරාගත්ත ජෙප්පෝ දැන් එජාපෙට ගොට්ට අල්ලනවා. කාලකන්නි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site