IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘පාස්කු ප්‍රහාරයට මාස 30යි:වැරදිකරුවන් කවුද?“

(ඩයනා උදයංගනී)

අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මේ වන විටත් රටට ශාපයක් උදාවූ තත්වයක් දක්නට ලැබෙන බව කී කාදිනල්තුමෝ වැරදි කළ අයට රට ඉදිරියට ගෙනයන්නට නොහැකි අයුරින් ඒ ශාපය ඔවුන්ටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙන්නේ යැයි සඳහන් කළහ.

මෙරට සතුටින් ජීවත් වෙමින් සිටි බොහෝ දෙනකුගේ ජීවිත අන්ධකාරයට ඇද වැටී, එදාවේල හොයාගෙන ජීවත්වෙන්න තිබූ වාතාවරණයත් නැතිවී ගොස් ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අහිංසක මිනිස්සුන්ගේ ලේ ස්වර්ගයට මොරදෙනවාක් මෙන් යැයි ද කාදිනල්තුමෝ කීහ.  

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාස 30ක් (වසර දෙක හමාරක්) සම්පූර්ණ වූ අද (21) දින, එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවේවායි පතමින් හා මිය ගිය අයට මොක් සුවපතමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වූ විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී මාස 30ක් ගතවී ඇතත්, එය පිටුපස සිටියේ කවුරුන්ද යන්න තවමත් ප්‍රශ්නයක් බව කී කාදිනල්තුමෝ, එය පිළිබඳ විමරශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේ ඕනෑවට එපාවට බවත්, එහි විමර්ශනත් ඇණහිට තිබෙන බවත් පෙනෙන්නේ යැයි කීහ.

ආරක්‍ෂක අංශවල උසස් නිලධාරීන් මේ විමර්ශන යට ගසන්නට විශාල උත්සාහයක යෙදෙන බව අපිට දැනගන්නට ලැබී ඇතැයි කී කාදිනල්තුමෝ වර්තමානයේදී රට තුළ නීතියේ ආධිපත්‍යය සරදමට ලක්කර ඇති බවත්, එක රටක්, එක නීතියක් කියා පොරොන්දු වූ අය තමන්ගේ අයට එක නීතියකුත්, අනිත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ප්‍රකාශ කළහ.

විනාශකාරී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන්නට අදාළ නිලධාරීන්ට බලය, ශක්තිය නොදෙන්නේ හා එය යටපත් කරන්නට ඇතැමුන් උත්සාහ කරන්නේත්, නීතිය ඉදිරියට පැමිණවිය යුතු අය ආරක්‍ෂා කරන්නේත් තමනුත් ඒ වරදේ කොටස්කරුවන් නිසාද කියා ප්‍රශ්න කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

නමුත් අහිංසක මිනිසුන්ගේ ලේ හලපු අයට කවමදාවත් සැඟවී සැනසිල්ලේ සිටින්නට ඉඩලැබෙන්නේ නැති බව මතක තබාගත යුතුයැයි කී කාදිනල්තුමෝ තමන් නිවැරදිකරුවන් නම්, මේ විමර්ශන ස්වාධීනව කරන්නට ඉඩදෙන්නැයි ඉල්ලා සිටින බව ද කීහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (10)

‘‘පාස්කු ප්‍රහාරයට මාස 30යි:වැරදිකරුවන් කවුද?“

ගමේ එකාලා Thursday, 21 October 2021 02:34 PM

පාස්කු ප්‍රහාරය සිද්ද කරපු, ඊට සම්බන්ධ වූ හැමකෙනෙකුටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි. තමුන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්ඩ බැරි බවත්,කර්මය හෙවනැල්ල මෙන් තමුන් පසුපස එන බවත් සත්‍යයක් .

:       0       14

fairoosThursday, 21 October 2021 05:48 PM

අනිවාර්යයෙන්ම විඳවලා තමයි මැරෙන්නේ

:       0       1

BamunuarachchiSaturday, 23 October 2021 01:01 PM

නිකන් ඉන්න... පාස්කු ප්‍රහාරයේ ඉතුරු කොටස ඉදිරියට ගියානම්.., කැලේ කපන්නද කඩු 6000ක් ගෙන්නුවේ. කඩු ගෙන්නුවේ කවුද? සිංහල අපිද? අැයි මේ කඩු ගෙන්නපු ගොයියන් එළියට නොදෙන්නේ? පාස්කු ප්‍රහාරයේ ඉතුරු කොටස හැටියට එකිනෙකා මරා ගන්න ගියා නම්... ඔය කඩු ප්‍රයෝජනයට ගන්නේ අපිද? නුඹලාද? ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය හොඳට ප්ලෑන් කරලා තිබෙනවා නේද? ඔය කාලේ ඇතුළත යහපාලකයින් මොකද කලේ..? කාදිනල් උන්නැහේට ඔය ටික තේරුම ගන්න බැරිද? 2015 සිට රටේ පල්ලි පන්සල් පිළිම කඩමින් මේ හම්බයින් කරපු වැඩවලට යහපාලකයින් දක්වපු ප්‍රතිචාරය මොකක්ද? සියලු දෙනාම සහයෝගය දුන්නා. කාදිනල් ඇඟිල්ල දික්කරන්න ඕනේ ඒ අයට. නැතුව හිතින් මවා ගත්ත භුතයෙකුට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ.

:       1       0

පිටිගල මිලානෝ Thursday, 21 October 2021 02:50 PM

ඇල්ලුවොත් තමයි පුදුමේ

:       1       9

කිරි පුතා Thursday, 21 October 2021 02:57 PM

කට්ටිය කොහොම බේරුනත් කර්මයෙන් බේරෙන්න විදිහක් නෑ.

:       0       13

ජගත් ලියනගේ Thursday, 21 October 2021 03:08 PM

ඔබතුමාත් ඔය කියන කට්ටිය බලයට ගේන්න ඒ දවස් වල උදව් කරා නේද?

:       0       13

Lalith M Thursday, 21 October 2021 06:03 PM

සංඝයා වහන්සේලා ගිය මගම තමයි කාදිනල් උන්නාන්සේත් ඒ කාලේ හිටියේ... දැන්ද ඇස් ඇරුනේ? බොහෝම ප්‍රමාද වැඩියි..

:       0       0

gunarathna Thursday, 21 October 2021 06:05 PM

ඔබ වහන්සේලානේ මේ ආණ්ඩුව පත්කරගත්තේ... පාස්කු ප්‍රහාරකයෝ අල්ලන්න. දැන් මේ ආණ්ඩුවත් හොඳ නැහැනේ ඔබ වහන්සේලාට... එකම දෙයයි කරන්න තියෙන්නේ... ඔබවහන්සේට රවුෆ් හකීම් එක්කයි, රිෂාඩ් බදියුදීන් එක්කයි එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවලා පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් කරන එකයි. එහෙමත් නැතිනම් අනුර කුමාරත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදන එකයි. මොකද ඒ අයට ඔය ප්‍රහාර ගැනව හොඳ දැනුමක් තියෙනවනේ...

:       0       1

SUNIL MILANO Thursday, 21 October 2021 06:53 PM

ඇයි මෙතරම් තදියමක්...? තව ටිකක් ඉවසලා ඉන්නකෝ...

:       0       0

Bamunuarachchi Saturday, 23 October 2021 01:09 PM

ගොන්පාට් දමන්න එපා. පාස්කු ප්‍රහාරයත් සමගම කඩු 6000ක් රටට ආවේ කොහොමද? කව්ද ඒවා ගෙන්නුවේ? පාස්කු ප්‍රහාරය කරපු අයද? බලයට එන්න හිටපු එවුන්ද? පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු 2කට පස්සේ අඬබෙර ගහගෙන පාදිලි ගොල්ලන් වටකරගෙන CID එකට ගියා නේද? පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දෙන්න... උන්දෑට මොකද වුනේ? ඕවාට අපි ගොන් පාට් නොකියා වෙන මොනවා කියන්නද? යහපාලකයින්ට කෙලින්ම ඇඟිල්ල දික්කරන්න.. එතකොට ඒ ගොල්ලෝ කියයි අපි නොවෙයි අන්න අරගොල්ලෝ කියලා..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28381 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10886 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 856 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site