IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)

ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව මොහු වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කළේය.

අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා කීය. අසාද් සලි මහතා රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරයි.


 

ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත් අඩංගුවට කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වැඩි විස්තර පසුව
 



අදහස් (19)

පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට

Puppa Tuesday, 16 March 2021 01:51 PM

අලුත්ම අලුත් නාටකයක ආරම්භය.., ප්‍රධාන නළුවා අසාද් සාලි... 69 ලක්ෂය නාටකය නැරඹීමට දැනටමත් පෝලිමේ..

:       23       136

Nihal Tuesday, 16 March 2021 02:11 PM

නාඩගම්කාරයෝ..

:       12       97

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 March 2021 02:15 PM

සාලි කුමන දේශපාලන පක්ෂයකට අයත් දැයි අප හට වීමසා බලා ලිවීමට වුවමනාවක් නැත. සාලි මේ ප්‍රකාශය අරාබි රටක සිදුකළා නම්, මෙලහකටත් බෙල්ල බිම. සාලිලාට ඕනෑ විදිහට මේ රටේ නීතිය ක්‍රියාකළ යුතු නැහැ. ෂරියා නීතිය වැනි දේ ක්‍රියාවට නැංවීමට නම්, ඔවුන් අරාබි ලෝකයට යායුතුය. එහෙත්, සාලිගේ මේ නොමනා ක්‍රියාව අල්ලාගෙන පටු දේශපාලන වාසි ලැබීමට කවුරුන් හෝ වෙර දරන්නේ නම් එය වරදකි. හුඟ දෙනෙකුට වෙන්නේ, නිකං ඇඟේ හයියට, ඡන්ද දායකයා ඉදිරියේ සෝබන වීරයෙකු වීමට දඟලන සමහර දෙනා කියනා දේවල් එතරම් වගකීමක් නොමැතිව කටට ආ පලියට කීම නිසා මෙවැනි තත්වයන් ඇතිවේ...

:       12       89

gunarathnaWednesday, 17 March 2021 01:50 AM

ඔය ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ. අසාද් සාලි කියන්නේ මම එහෙම කිව්වේ නැහැ. මේ වීඩියෝ එක කවුරුහරි හදපු එකක්. මුස්ලිම් නායකයන්ව අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩුව කරන දෙයක් මේක. සජිත්ගේ කණ්ඩායම කියන්නේ මේක දේශපාලන පළිගැනීමක් කියලා.

:       2       5

upali Tuesday, 16 March 2021 02:35 PM

අවුරුදු දෙකක් ගියාට පස්සෙද මතක් වුනේ පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගන්න..

:       12       72

rasikaTuesday, 16 March 2021 05:45 PM

කළ දේ හරි... අවුරුදු 02න් හරි, 10න් හරි වැරැදි කරුවන්ට දඬුවම් දෙනවා නම් ඒක අගයන්න ඕනෑ.

:       5       1

nimalka Tuesday, 16 March 2021 02:38 PM

ජනවර්ගයක පැවැත්ම තහවුරු වෙන්නේ ජනගහනයෙන් සහ ආර්ථික ශක්තියෙන්. මේ සත්‍ය ස්වාමීන් වහන්සේලාට නොතේරෙන්නේ ඇයි?

:       10       34

jayasekaraWednesday, 17 March 2021 05:04 AM

ඔය සත්‍යය අපේ ස්වාමීන් වහන්සේලාට තේරෙන්නේ නැත්නම් ඔයා එක්කෝ කොටින්ගේ බිල්ලක් වෙලා... නැතිනම් සුද්දෙක්ගේ දරුවෙක් වෙලා යුරෝපයේ පදිංචියට ගිහිල්ලා.

:       4       1

වීපරමා Tuesday, 16 March 2021 03:54 PM

සාලිට වැඩිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය වෙන නැතුවයැ. මේවා කවුරු නමුත් හොඳට සැලසුම් කරලා කරපු වැඩ?

:       0       5

සෙනෙවිරත්න Tuesday, 16 March 2021 04:01 PM

මෙය රඟපෑමක් පමණි. අවසානයේ කිසිවක් සිදු නොවනු ඇත. මන්දයත් මේ අත්අඩංගුවට ගැනීම පාස්කු කොමිසමේ නිර්දේශ මත සිදුවුණා විය නොහැක. මෙහි දක්වා ඇති හේතු නීතිය ඉදිරියේ සනාථ කළ නොහැකිය...

:       0       3

Rasika Tuesday, 16 March 2021 04:06 PM

ස්විස් රටේ බුර්කාව තහනම් කළා ජනමතයෙන්.

:       3       4

Perera Tuesday, 16 March 2021 05:32 PM

මෙයාද ‘‘ මහ මොලකරු‘‘? නිකන් නාඩගම් මේවා...!!! 

:       0       5

sharm warn Wednesday, 17 March 2021 03:11 AM

මේකද අලුත්ම නාටකය..? මෙව්වාට අහුවෙන්න එපා.. සාලිව ගන්න කලින් ගන්න තව සිංහල සහ මුස්ලිම් කට්ටිය ඉන්නවා. මේක පොඩි කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්... බලාගෙන ඉම්මු.. ගොනා කවන්න හදන්නේ, පොල් කොළද, කෙසෙල් කොළද කියලා...

:       1       4

ramesh Wednesday, 17 March 2021 03:52 AM

එතකොට සාලිද පාස්කු ප්‍රහාරය කළේ..? මාර වැඩේ ලංකාවට වුණේ..

:       3       8

BamunuarachchiWednesday, 17 March 2021 11:30 AM

ගොන්කතා අහලා තිබෙනවා.. මේක සුපිරි ගොන් කතාවක්.

:       4       4

BamunuarachchiWednesday, 17 March 2021 12:21 PM

අපිට ඔය කව්රුත් එකයි... ඔක්කෝම ත්‍රස්තයින්...

:       5       1

BamunuarachchiWednesday, 17 March 2021 01:06 PM

කට හින්දා නහින්න යන තව කෙනෙක්...

:       4       1

බද්රානිWednesday, 17 March 2021 02:55 PM

තක්කඩි පාලකයින්ව රකිමින්, සද්දෙට බුරන කුක්කෝ කොතරම් සැරට බිරුවත්, අපි බිය නොවන බව ඔහේ ගත්තොත් හොඳයි. වෙඩි සද්දෙට දුවන කුක්කෝ දැනගන්න ඕනෑ, වෙඩි උන්ඩේටවත් බිය නොවන ජනතාවක් මේ රටේ සිටින බව... මස් කට්ටට ඉව අල්ලලා එනවා මෙතන අපිට බුරන්න...

:       0       6

BamunuarachchiThursday, 18 March 2021 02:08 AM

මේ ගොල්ලෝ කෙරුවේ අවුරුදු 5ක්... කතාව හරියට රට සුඛිත මුදිත වුණා වගේ. එහෙම වුණා නම් ජනතාව පයින් ගහවිද? ඒක හිතන්නවත් මොලය නැහැ. එතකොට මෙයාලා කොහෙද දන්නේ නැහැ හිටියේ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ආදිවාසීන්ගේ ගැටළුවලට මාස තුනකදී විසඳුම
2025 ජනවාරි මස 23 25 0

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කළ පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්


මල්වඩමක්-උණ්ඩ 10 ක් මෝදර නිවෙසක් ඉදිරිපිට තබාගිහින්
2025 ජනවාරි මස 23 0 0

දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෝදර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල්වඩමක් සහ ටී 56 වර්ගයේ ජ


හන්තානේ ගස් කැපූ වතු අධිකාරි සහ සහකාර වතු අධිකාරි අල්ලයි
2025 ජනවාරි මස 23 79 0

මහා පරිසර හානියක් කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ නීති විරෝධී ලෙස ගස් කැපු බව කියන එම වතුයායේ වතු අධිකාරි



පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු
2025 ජනවාරි මස 23 110 0

පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන අැමතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැව


ටයිල් ලොරිය පාරේ පෙරැළෙයි
2025 ජනවාරි මස 23 829 0

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රියසහයක සුලු තුවාල ල


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 491 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 630 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 352 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site