IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන  පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බව පෙනෙන්නට ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25)පැවසීය.

ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කළ ප්‍රකාශය ද සලකා බලන විට පෙනෙන්නේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍ය බව යැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

"අවසානයේ ශානි අබේසේකර ගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා.මේ ප්‍රහාරයට හමුදා බුද්ධි අංශයේ සම්බන්ධයක් තිබුන බව ශානි අබේසේකර පවසනවා.මෙය 2019 වසරේ නොවැම්බර් මාසයට පෙරත් ශානි අබේසේකර සඳහන් කර තිබෙනවා.මේ කරුණු සියල්ලම සලකා බැලූ බැලූ විට පෙනෙන්නේ මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙන බවයි.මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නෙ ඇයි?මොවුන්ට විරුද්ධව නඩු පවරන්නේ ඇයි?මේ හෙළි කරන කාරණා ගැන පරීක්ෂණයක් කරන්නෙ නැද්ද?මේ අවස්ථාවේදී සියලුම දෙනා එක්වී අපක්ෂපාතී තීරණයක් ගත යුතුව තිබෙනවා.මේ ඇතිවී තිබෙන අලුත් කරුණු ගැන වාර්තා කිරීමට සෑම දෙනාටම පිළිගත හැකි අපක්ෂපාතී කණ්ඩායමක් අවශ්‍යයි.යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (5)

පාස්කු පරීක්ෂණ ගැන ප්‍රශ්නයක් තිබෙනවා

Hemantha Friday, 25 February 2022 03:07 PM

ඇඳුම් ඇඳගෙනද ඉන්නේ...?

:       7       13

hira Friday, 25 February 2022 04:07 PM

මෙයා බුදියන් ඉඳලා දැන් ඇහැරිලාද කොහේද?

:       7       13

සලීම් Friday, 25 February 2022 05:23 PM

UNPය පොළවට සමතලා කරලා කොහොමත් ඇඳුම් නැතිව ඉන්නේ. හොරුන්ට ආණ්ඩු ගන්න මේ අය තමයි තනිකරම මේ රට පාවා දුන්නේ...

:       4       9

BamunuarachchiFriday, 25 February 2022 08:38 PM

අපේ ගම්මිරිස් කර්මාන්තය උලා කාපු පට්ට හොරු, හරක් මස කඩ කාරයෝ යහපාලක ආණ්ඩුවේ හිටියා කියලා මේ ගොයියාට අමතකයි වගේ...

:       4       4

chandima Friday, 25 February 2022 09:57 PM

පිස්සු කරන්න ගිහින් ඔය තියන ආසනෙත් නැතිකරගන්න එපා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site