
(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය.
පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවීම විශාල අඩුවකැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලූපිටිය පස් වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී අද (25) පෙරවරුවේ රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමිනි.
එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම මගින් බුදුදහමට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප්‍රයෝගව කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
මෙයට අමතරව දහම් පාසල් පාලනය යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ.
සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි.
ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ.
උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි.
COMMENTS
ජ්‍යෙෂ්ඨයෝ කිව්වේ දැන් ඉතිරිවෙලා ඉන්න හතර පස් දෙනා වෙන්න අැති...
ඔව්, ඒකෙ තියන අඩුපාඩු බාගෙකට වඩා ඔයාගේ..
මෙය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමක්... දෙවැනි ප්‍රහාරයක් වැළකුණේ රියදුරා දුන් ප්‍රකාශය නිසා කියලයි සිතන්නට සිදුවන්නේ. ආරක්ෂක අංශ ඉතා ක්ෂණිකව මෙහෙයුම් ටික කළා. ඇතැම් විට ඒ ඔබතුමාගේ උපදෙස් අනුව... එය හොඳ දෙයක්...
එක රටක්.. එක නීතියක්...!!! එකතුවෙලා රට කෑවා ඇති. ගෙවල්වලට වෙලා හිටපල්ලා..
ඇත්ත. හරිහැටි මේ සියල්ලටම යටින් වගකිව යුතු එවක අගමැතිගේ නම සඳහන් නොවීම ප්‍රධාන අඩුපාඩුවයි.
පාස්කු වාර්තාවේ අඩුපාඩු ඇති. නමුත් 2015-2019 කාලයේ අකර්මන්‍ය රාජ්‍යයක් තිබුණා කියන එක කොමිසමෙන් කියන්න ඕනත් නැහැ. රටේ ජනතාව දන්නවා. මුස්ලිම් අය ඒ කාලේ රට පාලනය කළා කිව්වත් නිවැරදියි. වාර්තාවේ තියෙනවා නැගෙනහිර පළාතේ අන්තවාදයක් හිස ඔසවන බවට එකල හමුදාපති කිව්වත් රනිල් ලා ඒක බැහැර කළ බව. ඒවා ගැන කතා නැහැ. නිකන් හිස් වචන කතා කරන්න එපා.
පොහොට්ටුවේ කව්රුත් නැතුව තමන්ගේම අය දාලා අඩුපාඩු නැතිව වැඩේකර ගන්නනේ බැලුවේ. ඒ වුණාට වැඩේ හබක්. රටේ ජනතාව සාක්ෂි ලැබුනේ කොහොමද කියලා දැක්කා. කොමිසමට කලින් ජනතාව තීන්දුව දීලා ඉවරයි. යාලුවා ඔලුවෙන් හිටගෙන කිව්වත් ආයිත් ගොඩඑන්න බැහැ.
රනිල්ට තියෙන සුදුසුකම් මොනවාද? ඕවා විවේචනය කරන්න. අපේ සර් නන්දසේන ඔය වාර්තාව පරීක්ෂා කරන්න දාලා තියෙන්නේ. එයාට මාර සුදුසුකම් තියෙන්නේ..
හාමු මහත්තයා අඩුපාඩු නැතිව වැඩකළා නම් කොමිෂන් එකේ අඩුපාඩු හොයන්න වෙන්නේ නෑ...
රනිල් කියන්නේ ඉස්සර තිබුණ හතරැස් සත පහේ කාසිය වගේ අවලංගු කාසියක් දැන්... කවුරුත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ. වෙලාවකට පව් කියලත් හිතෙනවා. හොඳ වෙලාවට ජනාධිපති වෙන්න බැරි වුනේ... එහෙනම් මෙලහකට ලංකාව කියලා රටක් නැහැ...
ඔව්, අඩුපාඩු තියෙනවා. ඔහෙලා තාම නිදහසේනේ ඉන්නේ...!!!