
(සමන් පාලිත නානායක්කාර)
ඌව පළාතට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බදුලු දිස්ත්‍රික්කයේ මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පවසයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේට විශාල පස් කන්දක් කඩා වැටී ඇල්ල-වැල්ලවාය මාර්ගයේ මවුන්ට් හෙවන් ස්ථානයේදී සම්පූර්ණයෙන් අවහිර වීඇති බැවින් විකල්ප මාර්ග ලෙස බෙරගල හරහා කොස්ලන්ද වැල්ලවාය මාර්ගය භාවිත කරන ලෙස පොලිසිය රියදුරන් ට දැනුම් දෙයි.
බල්ලකෙටුව ඇල්ල මාර්ගය 23 කණුව අසලින් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල මංසන්ධියට නොදුරින් දැවැන්ත ගල් පර්වත පෙරළී එක් මං තීරුවක් අවහිර වී තිබේ.
අවහිර වූ මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාර්ග භාවිතයේදී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙනවා.
අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා මේ වෙන විට නාය යම් අවදානම් කලාපයක් ලෙස නම් කර තිබේ.
නිතර නයයාම් බහුලව වාර්තා වන කොස්ලන්ද ප්‍රදේශයට. මිලි මීටර්130 ඉක්ම වු අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ආපදා අංශ තහවුරු කරනවා.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.