IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාවෙන අවි ගබඩා සිද්ධියට ලොක්කන් දෙදෙනෙක් 19ට පෙර අත්අඩංගුවට ගැනීමට උපදෙස්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලබන 19 වැනිදාට පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (17) උපදෙස් ලබාදුන්නේය.
 
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගෙන් කළ විමසීකට අනුව එම උපදෙස් ලබාදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
 
සමන් දිසානායක මහතා සහ දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමට ඇති හේතූ පහදමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දැනුම්දෙමින් සමන් දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ඔහු ඉදිරිපත් කළ කරුණු නොපිළිගැනීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප‍්‍රභ කොට ඇති බව පෙන්වා දී ඇත.
 
ඒ අනුව ඔහුද ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න මහත්මියද වහාම අත්අඩංගුවට ගෙන ලබන 19 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
 
මීට අමතරව සමන් දිසානායක මහතා විසින් තමන්ට අපේක්‍ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත‍්‍රයද කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.



අදහස් (4)

පාවෙන අවි ගබඩා සිද්ධියට ලොක්කන් දෙදෙනෙක් 19ට පෙර අත්අඩංගුවට ගැනීමට උපදෙස්

ravi Wednesday, 17 July 2019 12:26 PM

එතකොට අර... සිංගප්පූරුවේ හැංගිලා ඉන්න එක්කෙනා ..?

:       129       6

samanWednesday, 17 July 2019 01:36 PM

කව්ද රනිල් ලොක්කා එක්ක සෙට්වෙලා මහබැංකුවට ගේම දීපු පොරද?

:       1       140

Chanak los angelesWednesday, 17 July 2019 02:54 PM

හලෝ මේ ඇවන්ගාඩ් හොරකම ගැනයි කියලා තිබෙන්නේ... බැංකුවක් නොවෙයි. හොරු මාට්ටු වෙනකොට හිතට අමාරු ඇති... මොනවා කරන්නද?

:       73       26

Chanak los angeles Wednesday, 17 July 2019 02:30 PM

මේ සොක්කෝ.... ලොක්කා සිංගප්පුරුවේ..

:       27       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site