IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පවතින අර්බුදය 78 දෙමුහුන් ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක්

(විනීතා එම්  ගමගේ)


වර්තමාන අර්බුදය,  මූලය පවතින්නේ 1978 දෙමුහුන් ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව තුළ යැයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති, මව්බිම වෙනුවෙන් වෘත්තියවේදියෝ සංවිධානයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් ඞී රොද්‍රිගෝ මහතා ප‍්‍රකාශ කළේය. 

රාජ්‍ය නායකයා හා ආණ්ඩුවේ ප‍්‍රධානියා පක්ෂ දෙකකින් පත්වූ සැම අවස්ථාවකම රටේ අර්බුද හටගත්තේ යැයි ද රොද්‍රගෝ මහතා කියා සිටියේය. 

මෙවර තත්ත්වය තවත් දරුණු වූයේ යැයි කී ඒ මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 13 ක් පවරා ඇතැයි ද කීය. කෙසේ වෙතත් මෙසේ මෙම තීන්දුවට එරෙහිව අධිකරණයට යාම වරදක් නොවන බවත් එයින් නීති යේ ආධිපත්‍යය සුරැකෙන බවත් ඔහු ප‍්‍රකාශ කළේය. 

මේ අතර පාර්ලිමේන්තුවට එහි ස්ථාවර නියෝග අනුව ක‍්‍රියාත්මක විය හැකි යැයි ද ස්ථාවර නියෝග අත් හිටුවා කි‍්‍රයාකිරීමටත් පාර්ලිමේන්තුවට බලය ඇතැයි ද කී රොද්‍රිගෝ මහතා පවතින ප‍්‍රශ්නය ජාතික වශයෙන් වැදගත් එකක් බැවින් අවසානයේ පාර්ලිමේන්තුවට ජනතාව ඉදිරියට ගොස් ජනමතය  විමසීමට ද හැකියාව ඇතැයි කියා සිටියේය. 

ඉකුත් 11 හා 12 දෙදින තුළ එම නඩු විභාගයට ගනු ලැබුයේ  126 වන ව්‍යවස්ථාව යටතේ යැයි ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සිදුකරනු ලැබුයේ පළමුව නඩුව පවත්වාගෙන යාමට අවසර ගත යුතු බැවින් එසේ අවසර ගැනීම යැයි කී රොද්‍රිගු මහතා එය නඩුවේතීන්දුව ලෙස සමහරු අර්ථ දක්වන නමුත් ඒ නඩුවේ තීන්දුව නොවන බවත් නඩුවට හේතුවූ ගැසට් නිවේදනය අත්හිටවනු ලැබුයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරගන්නා තුරු බවත් පෙන්වා දුන්නේය. 

වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇමරිකා, ප‍්‍රංශ හා බ‍්‍රිතාන්‍ය ව්‍යවස්ථාවන්ගෙන් එක් කරගත් කොටස් ඇතැයි ද එසේ වුවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඇමරිකානු ව්‍යවස්ථාවෙන් එරට ජනාධිපතිවරයාට දෙන බලතල වලට වඩා වැඩි බලයක් හිමිවී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා  ගත් පියවරකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව පෙන්වා දුන් රොද්‍රගු මහතා එකී පියවරයන් හේතුවෙන් අයිතිවාසිකම් උල්ලංඝණය වේ යැයි හෝ උල්ලංඝණය වන්නේ යැයි සැක කරන අවස්ථාවක මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි යැයි ද කීය. 



අදහස් (3)

පවතින අර්බුදය 78 දෙමුහුන් ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයක්

රජින්ද Wednesday, 14 November 2018 12:43 PM

ෆේස්බුක් එකෙන් ආණ්ඩු තෝරන, තමන්ගේ මුළු ජීවිතයම ෆේස් බුක් එකකට යට කරගෙන හිතන, බජව් දදා ගහ මරා ගන්න මිනිස්සුන්ට ඔය කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. අඩුම තරමේ මේ රට අයිති මහද්වීපයවත් නොදන්නා මිනිස්සු එජාප නායකයා ගැනයි ජනපති ගැනයි කතා කරනවා දකිනකොට වමනේ යනවා. මේ රටේ දේශපාලකයන් නිරූපනය කරන්නේ මේ රටේ ජනතාවගේ බුද්ධියයි.

:       0       0

weerakoon Wednesday, 14 November 2018 12:45 PM

ව්‍යවස්ථාවේ ප්‍රතිඵලයට වඩා එය භාවිත කළ පුද්ගලයාගේ ප්‍රතිඵලයක් වියහැකිය. පිහියෙන් බෙල්ල කාපුවම වැරැද්ද පිහියේද.?

:       0       0

chamith Wednesday, 14 November 2018 02:30 PM

රටේ ව්‍යවස්ථාවේ හරියට හදාගන්න බැරි පාලකයෝ කොහොමද බන් රටක් හදන්නේ...?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 155 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site