පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන පවුඩර් වර්ගයක් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.
දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.
පිළිකා කාරක ඇස්බැස්ටොස් නැති බවට අදාළ සමාගම තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි.
ඔවුන්ගේ නිෂ්පාදනවල ඇස්බැස්ටොස් නැති බවට පිළිගත හැකි රසායනික වාර්තාවක් ඉදිරිපත් කළ පසු අපි යළි ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් කර බෙදාහරින්නන් වෙත ඉදිරිපත් කර බව ශ්‍රී ලංකා ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහතා පැවසීය.
රොයිටර් ඇසුරෙනි
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි !!! මොනවද මේ අපගේ රටට පාත්වෙන කරදර. මා සාමාන්‍යයෙන් පුයර ටිකක් පාවිච්චි කරන්නේ රැවුල කැපුවාට පසුව පමණයි. ඒකත් නවත්වන්න වෙනවා. වුඩර් වල විෂ සහිත බව සියැසින් දැකගන්න ඔබට හැකියි. මුහුණේ දමන පව්ඩර් ටිකක් ගෙන රතු විෂ කුඹි ඉන්නා තැනකට දමා බලන්න. ඔවුන් නැවත එතන කාලයකට ගැවසෙන්නේ නැහැ. ඒ තරම් විෂයි. ඒත් අප මුහුණේ ගානවා.
"දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර" මේවා ඇත්තටම මන්ද බුද්ධික මිනිස්සුන්වත් කරන්නේ නැති වැඩ.
කොහොමටත් ඕක තාවකාලික තහනමක් තමයි. ග්ලියිපොසෙට් ඇස්බැස්ටෝස් වලටත් උනේ ඕකමනේ.
මෙම ලිපිය පළකිරීම සම්බන්දයෙන් තුති. එම පවුඩර් වර්ගය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් නොවෙන බවත්, ඇමරිකාවෙන් ආනයනය කරන නිෂ්පාදනයක් බවත් පමණක් මතක තබා ගන්න.
පිළිකාකාරක ඇස්බැස්ටෝස් ඇති බව තහවුරු වී ඇත්නම් තාවකාලිකව නොව සදහටම තහනම් නොකරන්නේ මන්ද? දැනට ගෙන්වා ඇති තොග වහාම විනාශ කල යුතුය. එසේ නොකරන්නේ කවර හේතුවක් නිසාද? මේ පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැක පහල වේ. ළදරුවන් සඳහා වන නිෂ්පාදනයක් බැවින් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපේ අල්ලපු රටේ නිෂ්පාදනයක් බැවින් තවදුරටත් ක්‍රියාත්මක විය යුතුය. මහජනතාවගේ දැනගැනීම පිණිස මෙහි වෙළඳ නාමය ප්‍රසිද්ධ කරන්න.
මෙය ඉතා නරක තත්වයක්. ඉතා කඩිනම් ක්‍රියාමාර්ගයක් මෙන්ම ඉක්මන් පරීක්ෂණයක් රජය මගින් ගත යුතුය. එසේ නැති වුවහොත් අවසන් බර අසරණ දුප්පත් ජනතාව මත පැටවේ.
අයි ජේන්සන්
ඉතින් දෙයියනේ මේ පව්ඩර්වල නම කියන්නකෝ. මිනිස්සු දන්නේ නැතිව පාවිච්චි කරනවානේ. දැනට ගෙවල් වලතිබෙන පව්ඩර් පොඩි ලමයින්ටත් දානවානේ.
ළදරු පුයර වර්ගයේ නම සදහන් කරන්න
ජෝන්සෝන් ඇන්ඩ් ජොන්සොන්
රජයේ වගකීම එම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය කුමක්ද යන්න ජනතාව දැනුවත් කිරීමයී.
ඇයි මේ දැනට තිබෙන තොග විකුණන්න අවසර දීල තියෙන්නෙ? මෙම තීරණයේ පිළිගතහැකි තර්කානුකූල බවක් ඇති බව පෙනෙන්නේ නෑ. සැකයේ වාසිය දෙන්න ඕනෑ රටේ මහජනතාවටයි. නැතිව අන්තර්ජාතික මුදලාලිලාට නෙවෙයි. ඇසිබැස්ටොස් තියෙනවායැයි සැකයක් ඇත්නම් එම භාණ්ඩ වෙලෙඳ පොලෙන් ඉවත් කරන්නට ඕනෑ.
දේශීය නිෂ්පාදන ගන්නේ නැතුව පිට රටින් වැඩි මිලට එන දේවල් ගන්න ගොන්සන්ලට මේවා හොද පාඩම්
"දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ." - එතකොට තිබෙන තොග වලින් ළමයින්ට පිලිකා හැදුනට කමක් නෑ කියලද කියන්නේ?
ගෙන්නන්නේ කොහෙන්ද? එරට සමාගම් වලට ප්‍රමිතිය කියන වචනයෙවත් තේරුම දන්නවාද? ආරංචියේ විදියට කුඩා නිවෙස්වල තමා මුලික නිෂ්පාදන කටයුතු වෙන්නේ. කර්මාන්තශාලාවේ කරනුයේ ඇසරුම් කිරීම පමණි. ලාබෙට බඩු.
පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වෙලාලු. ඒත් දැනට වෙළදපොලේ ඇති තොග ළදරුවන් වෙනුවෙන් භාවිතය සදහා විකිණීමට අවසර දීලලු. මේක රටක්ද නැත්නම් වෙන මොකක් හරි අවයවයක්ද ? අඩුම ගානේ නමවත් සදහන් කරන්නේ නැත්තේ ජාතියේ අනාගතය වන දරුවන්ට වැඩිය ඉන්දියාව සහ මුදලාලි ලොකු නිසාද ?
පිලිකා කාරකයක්නම් වහාම වෙළඳපොලෙන් ඉවත් නොකර තොග අවසන් වනතුරු විකුනන්නේ කොහොමද. අපොයි අපේ රාජ්‍ය සේවය. තාවකාලිකව සමාගමට ආදරය කරනවා. ළදරුවන්ට තාවකාලිකව පිලිකා කාරක ගාන්න දෙනවා. සමාගම අපොහොසත් වුණොත් එකියන්නේ පිළිකා කාරක ඇස්බැස්ටෝස් තියෙනවා එතකොට ...ගාපු ළමයි පවු නැද්ද රටට ආදරේද ? සමාගමට ආදරේද ? ඉන්දියාවේ රාජ්‍ය සේවය නම් හරිම බලවත්
කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන කිසිවෙක් උනන්දුවන බවක් නොපෙනේ. වහාම මෙම පවුඩර් වර්ගයේ නම ප්‍රසිද්ධ කරන්න. වෙළඳපලේ ඇති තොග තහනම් කරන්න. එසේ නොකිරීමට කිසිදු හේතුවක් නොමැත.
හානේ... හැමදාම මේ පවුඩර් දැම්මා...
මට නම් තේරෙන්නේ මේක මොකක් හරි වෙළඳ වාසියක් හෝ ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් කළදෙයක් ලෙසටයි. පිළිකාකාරක ඇස්බැස්ටෝස් ෆයිබර් තියනවා නම්, එය විද්‍යාත්මකව ඔප්පු වී ඇති නම්, දැනට තියන තොග විකිණීමට අවසර දීමෙන් සිදු කරන්නේ දැනදැනම පිළිකාකාරක පව්ඩර් විකිණීමට අවසරදීමක් නේද? එහෙම නැතිනම් පිළිකාකාරක තියනවා කියන්නේ ගඳ සුවඳ බලලාද? ඒ වගේම ඇස්බැස්ටෝස් ෆයිබර් නැහැයි කියලා" "හොරාගේ අම්මාගෙන් අහන පේනය" ට අනුව ලියාපදිංචිය අලුත් කරන්නේ කොහොමද?
මෙම පවුඩර් වර්ගය හොඳ නැත්නම් වෙළඳ පලේ විකිණීමට ඇති තොග ඉවත් නොකර අලවියට අවසර දීම හොඳද..? ඒවාත් පිලිකාකාරක අඩංගු දෙයක් නේද...?
කුඩා ළමයි ගැනවත් හිතලා මේ වගේ නිෂ්පාදන මේ රටවලට ගෙන්වන එක නවත්වන්න බැරි ඇයි? අනික මේ වගේ ජරා නිෂ්පාදනවල නම් ප්‍රසිද්ධ කරන්න. අහිංසක ළමා පරපුර දැන දැන මාරයාගේ කටට යවන්න තරම් මේ මිනිස්සු සාහසික නම් තවත් මොනකථාද?
නම කියන්නේ නැත්තේ ඇයි? කියන්නකෝ.. අපිටත් දැනගන්න...