(නිමල කොඩිතුවක්කු)
පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතතනය සහ කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩලය යන ආයතන හතරේම නව සභාපතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ මහතා පත්කර තිබේ.
ජයන්ත වික‍්‍රමසිංහ මහතා 2006 වසරේ සිට 2015 වසර දක්වා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජිස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇත.
ඔහු 2010 සිට 2015 දක්වා නාගරික සංවර්ධන අධිකාරියෙහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් 2003 සිට 2006 දක්වා කාලය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයෙහි අධ්‍යක්ෂකවරයකු ලෙසත් කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික කවුන්සිලයේ හිටපු සභාපතිවරයකු ද වන ජයන්ත වික‍්‍රමසිංහ මහතා සෙලින්කෝ ජීවිත රක්ෂණ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයකු, ශ්‍රී ලංකාවේ පොල් වගාකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා සහ එක්සත් රාජධානියේ වරලත් ක‍්‍රමකාර්ය සම්පාදන සහ ප‍්‍රවාහන ආයතනයේ වරලත් සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.
2025 නොවැම්බර් මස 04
330
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2142
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල් සම්බන්ධ ආයතන 4කටම නව සභාපතිවරයෙක්
sampath Wednesday, 01 January 2020 12:07 PM
සභාපතිවරු පත් කරලා විද්වතුන්ගේ මණ්ඩලයක් හරහා ඉලක්කයිනුත් ලබාදෙන්න ඉදිරි කළමනාකරණ ගැටලු විසඳීමට කාලය ගත කිරීම සාමන්‍යයෙන් වෙන්නේ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ. පොල්පැල කීයක් හිටවනවද ඵලදාව කොයිතරම් ප්‍රතිශතයකින් වැඩි කරන්න පුළුවන්ද? පොල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි කරන්නේ කොහොමද? කොහුබත්, පොල්ලෙලි පොල්කටු ආශ්‍රිත නිෂ්පාදනවලට ඉහළ මිලක් ගන්නේ කොහොමද? පොල් වතුර අපනයනය කිරීම වගේ විශාල වැඩක් තියෙනවා ඕනෙ නම් කරන්න.
obaThursday, 02 January 2020 01:37 AM
බොරු වැඩ. පොල් මිල පාලනය කරන්නයි පොල් කර්මාන්තය දියුණු කරන්නයි දෙකම එක පාර කරන්න බෑ. පොල් ගොවියා පෙලා පොල් මිල අඩුවට තිබ්බම නිෂ්පාදනය වැඩිවෙන්නේ නැහැ. ඡන්ද බලාගෙන මිල පාලනය හරහා කරන විගඩම් නිසා මේ වගාව නැතිවෙනවා.
Gune Thursday, 02 January 2020 01:26 AM
"එලොව පොල් පෙන්වීමේ මණ්ඩලය" මේකට ඇතුල් වෙලා නැහැනේ. සමහරවිට මහ මැතිවරණයෙන් පස්සේ ඇතුලත් කරයි.