(ඉන්දිකා රාමනායක)
සෞඛ්‍ය මාර්ග උපදේශන චක්‍රලේඛවලට පටහැනිව බස් රථවල මගීන් රැගෙන ගිය බස්රථ එකොළහක් සමඟ රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම බස් රථ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගරයේදී බවද හෙතෙම කීය.
නියමකර ඇති ප්‍රමාණයට වඩා මගින් රැගෙන යන බස් රථ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කර තිබූ අතර එම මෙහෙයුමේ දී මෙම බස් රථය අත්අඩංගුවට ගෙන ඇත.
මෙහෙයුම අද දිනයේ බස්නාහිර පළාත, කොළඹ නගරය,කොළඹ නගරයට ඇතුළු වන ප්‍රදේශ, ඇතුළුව දිවයින පුරාම ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුනුගම කොල්ල වෙන්නැති ඔත්තුව දුන්නෙ
174 කොට්ටාව - බොරැල්ල බස් හවසට පොල් පටවනවා වගේ මිනිස්සු ගන්නේ .ඔය කවුරුත් බලන්නේ නෑ .පොලීසිය දැක දැක යන්නේ