(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින ඩොලර් හිඟයට පිළියම් සෙවීමේ අරමුණින් රජය පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද (19) පැවසීය.
ඩොලර් ගැටලුව විසඳීම සඳහා 0.5% කින් පොලී අනුපාත ඉහළ දැමීමට රජය පියවර ගැනීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් එම තීරණය දැනටමත් ප්‍රමාද වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ආර්ථිකය සම්බන්ධයෙන් රජය ගනු ලබන තීන්දු හේතුවෙන් නිදහසින් පසු රට මුහුණ දෙන දැවැන්තම මූල්‍ය සහ ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් ඇතිව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
හතට තිබුණු ආර්ථික වේගය දෙකට බස්සපු ආර්ථික ඔස්තාර්... අනේද කියන්නේ..?
මට කියනවද මෙයා යහපාලන කාලයේ දරපු ඇමතිකම මොකක්ද කියලා? දැන් මෙතන ආර්ථික ඔස්තාර් වගේ කතා කළාට...
විශේෂඥයෝ කිව්වේ ඔයා වගේ අයද ? අම්මෝ !!!!!
අනේ මේ දැන් ඔහෙලා සේරම දන්න ආර්ථික න්‍යායන් දාලා කාලයක් රට ගොදගත්තානේ නියමෙට ?දැන් මේ පඬි වදන් කියනවා
නුඹලා පක්ෂ විපක්ෂ හැත්ත බුරුත්ත දශක 6ක් 7ක්ම මහජනතාවගේ සම්පත් උලා කෑවානේ.. මේ මොහොතේත් එලෙසම උලා කනවනේ ඒකනේ ඇත්ත කතාව. වටින් ගොඩින් නැතිව කෙලින්ම පැනය විමසන්නම්කෝ... දියවන්නාව පට්ටියේ 225 ටම අප මේ අභියෝගය කරන්නෙමු. අවුරුදු 60ක් 70ක් අපේ සියලු සම්පත් "නිකම්ම උලාකාපු අය" මේ අන්තිම අමාරු අවස්ථාවේදීවත් ස්වේච්ඡාවෙන් මේ 225 වන අපට අවුරුද්දක් වත් එක දිගට අපේ වැටුප්, අර දීමනා, මේ දීමනා මෙන්ම කිසිඳු මුදලක්, එක සතයක්වත් අපට එපා.. ඒ සියලුම මුදල් කන්දරාව මහජනතාවගේ සුබසිද්ධියට යොදවන්න. වෙනත් වචන වලින් කියනවා නම් අප නිකං පට්ටියේ වැඩකටයුතු කරන්නම්... අතින් කාලා හරක් බලන්නා සේ ඒ මුදල් මහජනතාවගේ අවශ්‍යතාවයන්ට යොදවන්න කියා.. මෙම අභියෝගය සහිත අදහස් පට්ටියේ සියලුම අයට කියැවීමට හැකි වේවා...
මෙයා දන්නේ IMF එකෙන් ණය ගන්ට විතරයි.
යහපාලන ආණ්ඩුව තියෙද්දී මෙරට සුරපුරයක් වෙලා තිබුනේ.?