( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජාතික පොලිස් කොමිසමේ චක්‍රලේඛනයට අනුව තමන් සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් , තමන්ට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් , තමන්ට නියමිත උසස් වීම් ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් සැරයන්වරුන් 366 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
පොලිස් සැරයන් උපාලි බණ්ඩාරනායක ඇතුළු 366 දෙනෙකු ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතීපති සහ වැඩබලන පොලිස්පති නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම ශ්‍රී ලංකා පොලිස් සේවයේ වසර 30 ක සේවා කාලය ඉක්මූවෝ වෙති. ඉන් වසර 13 කාලයක් පොලිස් සැරයන් ධූරයේ කටයුතු කරන අයවෙති.
2019 වසරේ මැයි මස 09 වනදා වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන බව සඳහන් කෙරිණි.
මෙම චක්‍රලේඛනයට අනුව අදියර තුනක් යටතේ සැරයන්වරුන් 5483 ක් කාන්තා පොලිස් සැරයන් 277 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක උසස්වීම් ලබා දී ඇත.
මෙම ක්‍රමයට පෙත්සම්කරුවන්ද එම ධූරයන්ට උසස් කර ගන්නා ලෙසතමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කෙරිණි .
මේ අනුව වසර 13 ක කාලයක් සපුරා ඇති පොලිස් සැරයන් සඳහා උසස් වීම් ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එබැවින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් , තමන්ට අදාළ උසස් වීම් ලබා දීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 18
502
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සැරයන්වරු 366 ක ගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 01:38 PM
අනේ. ... පව් ... දිවා රෑ නොබලා දරදිය අදින මේ සැරයන් වරුන්ටත් උසස්වීම් ටික දීලා සිටිමු නේද?...