(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩ උයන පොලිස් මාර්ග බාධකයේ දී පොලිසියට අසුවේ යැයි බියෙන් කුඩු පැකට් හතරක් ගිල දැමීමට උත්සහ කළ බව කියන යුද හමුදා සැරයන් වරයකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංඝනය වන ආකාරයට මාර්ගයේ ගමන් කරන පිරිස් පිළිබඳව සිදුකළ පරික්ෂාවේදී සැකකරු මාර්ග බාධකය පේන මානයේදී ඹහු පැමිනි ත්‍රි රෝද රථයෙන් බැස මාර්ග බාධකය මගහැරීමට උත්සහ කළ බව පොලිසිය කියයි.
එම ක්‍රියාව ගැන ඇති වු සැකය මත සැකකරු පරික්ෂා කළ අවස්ථාවේ එක වරම කුඩු පැකට් හතර ගිල දැමීමට ගත් උත්සහය පොලිස් නිලධාරින් එක්ව වැලකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දොඩංගොඩ ප්‍රදේශයේ කඳවුරකට අනුයුක්තව මේ වන විටත් සේවය කරන නිලධාරියකු බව පොලිසිය පවසයි.
COMMENTS
මීට පෙර පුවතක් මගින් අපට කියැවීමට ලැබුනේ පොලීසියේ ගෞරවාන්විත නිල ඇඳුම අැඟේ ඔතාගත්ත කෙනෙක් පිළිබඳව. දැන් මේ පුවතෙන් කියැවෙන්නේ යුද හමුදාවේ ඒ ගෞරවාන්විත නිල ඇඳුම පටි තුනක් සමගම ඇඟේ ඔතාගෙන ඉන්නා පාහරයෙක් පිළිබඳව... මේ පුද්ගලයා ගැන සියලු තොරතුරු පැහැදිලි ඡායරූප සමග සියලු මාධ්‍යවල ප්‍රසිද්ධ කරන මෙන් හමුදාපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. වෙඩි තබා මරාදැමිය යුතු බවත් අප සඳහන් කරන්නෙමු. මක්නිසාදයත් අපගේ විරෝදාර රණවිරුවන්ට මෙන්ම නීතිගරුක හමුදාවට අවමන් කර ඇති බැවිනි...