(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට අද (28) රැස්වූ ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දැනට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමටද පොලිස් කොමිසම අද තීන්දු කළේය.
රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මුලින්ම රාජකාරී ආරම්භ කළේ 2014 වර්ෂයේදීය. ඒ එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විදේශගතවීමෙන් පසුවය. රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්ථීරවම පත්කරනු ලැබුවේ 2015 මාර්තු මාසයේ දී පමණ බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
පොලිස් කොමිසන් සභාවේ ලේකම්වරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ද ඔහු ඒ බව තහවුරු කළේය.
70 දශකයේදී ශ්‍රී ලංකා පොලිසිය මහජන සම්බන්ධතා කොට්ඨාසය ආරම්භ කළ අතර ඉන්පසු 90 දශකයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර ඇතිකරනු ලැබීය.
2015 අවුරුද්දේදී පොලිස් මාධ්‍ය ඒකකය පොලිස් මාධ්‍ය කොට්ඨාසයක් ලෙස ගැසට් කිරීමට එවකට පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කටයුතු කළේය.
COMMENTS
දැං ඉතින් කාගෙන්ද අපි තොරතුරු දැනගන්නේ? රටේ ඇත්ත විස්තර මහජනතාව දැනගන්නවට ඒක වළකාලීමට කරපු වැඩක් වගේ...
ටික ටික මහජනයා ජහමනයා කරනවා.
මිට පස්සේ අායෙත් පරණ සෙල්ලමම තමයි. තවමත් ආරක්ෂක ඇමති කෙනෙක් නැහැ. ඒ වුණාට ජනාධිපති ව්‍යවස්ථා විරෝධී ලෙස ආරක්ෂක ඇමතිකම අරන්. කාට හරි යමක් දැනගන්න ඕනෑනම් කෙලින්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් තමයි දැනගන්න වෙන්නේ. මෙය සිදුකලේ සුදු වෑන් පෙරේදා ආරම්භ කිරීම නිමිත්තෙනි.
ටිකක් කලබල නොවී ඉන්නකෝ..
ටික ටික ප්ලෑන් එලියට එනවා.
ජනමාධ්‍යට එතරම් කැමති නෑ වගෙයි. බලමු. බලමු.
ඉතා වටිනා වැඩකි. පැවැති සෑම රජයකටම එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ මාධ්‍ය ප්‍රකාශකවරයා රජයට පක්ෂපාතීව තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. ඒ අය අවසානය දැන්... ඊටත් වඩා ප්‍රායෝගික ඒකාබද්ධ ක්‍රමවේදයක් ඇතිකිරීම ගැන ස්තුතිවන්ත වෙමු..
එ්ක හරි..! ඔය ඊනියා කොමිසන් කියලා කළ තරමක් පළිගැනීම්..., ඊයේ අපේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමාත් කිව්වා මේ අය බොරු නඩු දාලා ඔප්පු කරගන්න බැරිව දැන් මීයන් වගේ රටෙන් පැනලත් යනවා කියලා, ඔය කොමිසන් අහෝසි කරන්න ඕනෑ. ඕව තියෙනකොට අතපය බැඳලා වගේ, එහෙම වැඩ කරන්න පුලුවන්ද?
ජනපති පැමිණීමෙන් පසු නව ආරක්ෂක මාධ්‍ය ප‍්‍රකාශකවරයෙක් පත්කරනවා‘‘ එතකොට මාද්‍යයට හරස් ප්‍රසන අහන්න බැරිවේවි කියන දෙයක් අහගෙන ඉන්න ඕන මිලිටරි පාලනයක පෙරනිමිති වත්ද?
එකම හේතුව - එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
හිටපු මහතා බොහෝ දුරට ස්වාධීනව සේවය කල බව ප්‍රකාශ කල හැක.
මොකක්ද මේකට හේතුව?