(නිමන්ති රණසිංහ , චමිල් රූපසිංහ සහ ජේ. ඒ. එල්. ජයසිංහ)
රථවාහන රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියකට අදාළව කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත් යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර තුසිත වලගෙදර මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර වැඩබලන මහේස්ත‍්‍රාත් මහින්ද ලියනගේ මහතා අද (15) නියෝග කළේය.
තමාට පොලිස් නිලධාරියා ද පහර දුන් බව පවසමින් සැකකාර මන්තී‍්‍රවරයා පේරාදෙණිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු නිරීක්ෂණයට ගිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා සැකකරු එලෙස රක්ෂිත භාරයේ තැබීමට නියෝග කළේය.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යටිනුවර ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරයකු වූ කඩුගන්නාව ප‍්‍රදේශයේ පදිංචි අයෙකි.
COMMENTS
පොහොට්ටු ආණ්ඩුවක් ආවොත් මිනිස්සුන්ට වෙන්නේ ඇදන් යට ඉන්න තමා
අද දවසටම පොහොට්ටුවේ දෙවෙනි කෙනා
මේවා සාම්පලය පමණයි. පොහොට්ටුව බලයට අවොත් වෙන්න දේවල් කොහොමද කියල.
මේ සෙට් එක නඩත්තු කරන්ට තමයි අපි බදු ගෙවන්නේ.
මහින්ද මහතා මේවට මොනවද කියන්නෙ. පොහොට්ටුව ආවොත් රටේ නීතිය එයාලට අවශ්‍ය නැහැ.
නිල ඇදුමට ගරු නොකරන එවුන්ට ගහලා මදි. අනික නිල ඇදුම දා ගත්ත පමණින් ඒ උදවියත් දැනගතයුතුයි නිල ඇදුමට ගරුත්වයක් හිමිවන ආකාරයට කටයුතු කරන්න.
මීට ටික කලකට පෙර ඔය සභාවේම අයෙක් මත්ද්‍රව්‍ය (කුඩු) ළඟ තබාගෙන ඉඳලා අත්අඩංගුවට ගත්තා කියලා නිව්ස් එකකුත්.. මිහින්තලයදී තරුණයකුට පොල්ලකින් පහර දී අත්අඩංගුවට තවකෙක්ද.. නාරම්මල දී පොලිස් නිලධාරීයකුට පහර දී තවකෙකුද.. ආදී වශයෙන් ප්‍රාදේශීය සභිකයින් කීයක් නම් අත්අඩංගුවට ගත්තද? විපක්ෂයේදී මෙහෙම නම් ආණ්ඩුවේ බලය තිබුණා නම් අනේ අම්මේ.. ඡන්දය දුන්නේ මේ වගෙ දේටද?..