(ඞී.කේ.රත්න )
මොණරාගල මහධිකරණ භූමියේදී පොලිස් නිළධාරියෙකුට රුපියල් 100,000ක අල්ලස් මුදලක් ලබාදීමට තැත්කළ පුද්ගලයෙකු අද (7) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් එම ස්ථානයේදීම අත්අඩංගුව ගෙන තිබේ.
වැල්ලවාය බුදුරුවාගල ඌව මහතැන්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අල්ලස් ලබා දෙන අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.
මොණරාගල මහධිකරණයේ විභාග වන වැල්ලවාය පොලීසිය මගින් ඉදිරිපත් කළ කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවක විත්තිකරුවෙකු වන මෙම පුද්ගලයා මෙම නඩුවට අදාල ඞී.එන්.ඒ.පරීක්ෂණ වාර්තාවක් වෙනස් කරන ලෙස ඉල්ලා වැල්ලවාය පොලීසියෙන් මහධිකරණයේ නඩුවලට පෙනීසිටීමට පැමිණෙන පොලිස් නිළධාරියෙකුට මෙසේ අල්ලස් ලබාදීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා විසින් පොලිස් නිලධාරියාට අල්ලස් ලබාදීමට සැලසුම් කිරීමේදී පොලිස් නිළධාරියා විසින් ඒ බව අල්ලස් හෝ දුෂණ විමර්ශණ මර්දන කොමිසමට දැන්වීමෙන් පසු එම නිළධාරීන් මහධිකරණ භූමියේ රැක සිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු මොණරාගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
276
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් නිලධාරියකුට අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
saman Friday, 08 March 2019 07:05 AM
නියම පොලිස් පුතෙක්. පොලිසියට බනින අයට හොද ටොක්කක්.