(චන්ද්‍රසේන ගමගේ)

හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථය හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී අද (14) උදෑසන පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

අනතුර සිදු කරන ලද ටිපර් රථයේ රියදුරා ද කට්ටකඩුව ප්‍රදේශයේ දී අද පෙරවරුවේ  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථයට යට වීමෙන්  වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු  මියගොස් සිටින අතර තවත් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර  ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.