(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපට අමතරව මාසයකට දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් අතර මාස කිහිපයක පටන් පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම දීමනාව ගෙවීමට තීන්දු කළ බව මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට මාසයකට රුපියල් 14,000 සිට 20,000 දක්වා එම දීමනාව හිමි වේ.
මෙතෙක් සංයුක්ත දීමනා ගෙවනු ලැබුවේ පොලිස් වසමෙන් පිට රාජකාරියේ නිරත වූ නිලධාරීන්ට වන අතර මින් ඉදිරියට එවැන්නක් නොසලකා සියලු පොලිස් නිලධාරීන්ගේ වැටුපට එම දීමනාව එකතුකරන බවද ඔහු සඳහන් කළේය.
පොලිස් සේවයේ 75,000ක් පමණ වන සියලු නිලධාරීන්ට මෙම සංයුක්ත දීමනාව හිමිවේ.

COMMENTS
චන්ද ගුණ්ඩු. හැබැයි ඉතින් ඇල්පිටිය සිමෙන්ති එකේ ප්‍රතිඵලයම තමයි හම්බ වෙන්නේ.
තව ගෙවන්න ලැස්ති වෙන්න බදු. පොදු ජනතාවට සහන දෙන්න පටන් අරන්.