(සුජිත් හේවාජුලිගේ)

පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෑම  මසකම වෙනම  දිනයක් (පොලිස් දිනයක්) පැවැත්වීමට තීරණය කර ඇත

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුවය.

ඒ අනුව එහි පළමු වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද  (22)  පැවැත්වේ.

මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්  සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්  පිරිසක් සහභාගිවීමට නියමිතය.