තරිඳු ජයවර්ධන
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව මින් පෙර ගත් තීන්දුව වෙනස් කරමින් ඔහුගේ ස්ථානා මාරුව අනුමත කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (28) තීන්දු කළේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස කොමිසම නියෝග කිරීමෙන් පසු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගත් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දුන් බව කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දුන් බව කියමින් නෙවිල් ද සිල්වා මහතා පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කර තිබිණි. එම නීති විරෝධී නියෝගය සම්බන්ධයෙන් තමන් සතුව සියලු සාක්කි ඇතැයි ද නෙවිල් ද සිල්වා මහතා සිය අභියචනයේ සදහන් කර තිබිණි.
එම අභියාචනය පසුගිය පොලිස් කොමිෂන් සභා රැස්වීමේ දී මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැලකිල්ලට ගත් අවස්ථාවේ ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කළේය. කෙසේ වෙතත් යළිත් වරක් අද (28) වැඩබලන සභාපති නීතීඥ සාවිත්‍රි ඩී විජේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබූ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන ස්ථාන මාරුව යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, නෙවිල් ද සිල්වා මහතාට වෙනත් පොලිසියක ස්ථානාධිපති ධුරයක් ලබා දෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙම වෙනකොට මානව හිමිකම් ලේකම් වරිය ලංකාවේ ක්‍රියා පටිපාටිය ගැන දුන් ප්‍රකාශය අහක දමන්නේ කව්ද ?
පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර වෙනසක් නැති බවකුයි පෙනෙන්නේ.
හිතට එකඟව වැඩ කිරීමෙන් පලක් නැහැ. හොඳට වැඩ කලොත් ගෙදර යන්නවෙනවා සිකුරුයි. සියල්ලෝම එකතුවී රටකමු, දේශපාලකයන් සමඟ අත්වෙල් බැඳගමු, හොරු රකිමු. දේශපාලකයින්ගේ හොරකම් නවතුනහොත් පමණක් අපිත් හොඳ වෙමු. එන්න අපිත් සමග එකතුවී හොරු වෙනුවෙන් හොරු ක්‍රමය ක්‍රියාත්මක කරන්න. මීට මරා සහ සිරා