IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිසිය හා හමුදා ආරක්ෂාව මැද සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි

රොමේෂ් මධුෂංඛ

 
යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුණු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කර යුද්ධයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කර ඔවුන්ගේ ආත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

කෙසේ වෙතත් ඊයේ (26) දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.


           



අදහස් (3)

පොලිසිය හා හමුදා ආරක්ෂාව මැද සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි

Darshana Tuesday, 27 November 2018 09:27 AM

ටික දෙනෙක්නේ මේවට එකතු වෙලා ඉන්නේ........

:       0       14

සෙන්ජී Tuesday, 27 November 2018 11:45 AM

මේවා දිහා නොබලා හිටියා නම්, නිකන්ම දියවෙලා යනවා. විජේවීරව දැන් ජ.වී.පෙ.ත් සමරන්නේ උඩින් පල්ලෙන්...

:       0       0

ආනන්ද Tuesday, 27 November 2018 11:53 AM

මෙරට ශ්‍රී ලාංකීය ඉතිහාසයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨතම රජෙකු වන දුටුගැමුණු රජතුමා සිය ප්‍රතිමල්ලවයා වන එළාර හා කළ ද්වන්ද සටනින් පසු කළ නියෝගය තවමත් මෙරට බලපවැත්වෙයි. 'එලාර රජුගේ සොහොන පිහිටි සීමාවෙන් ගමන් කරන සියළු දෙනා පයින් ගමන් කල යුතු බවට" රාජ නියෝගයක් කලේය. සිය පසමිතුරාට ඔහු ගෞරව කලේ එසේය. එහෙත් අද? එල්ටීටීඊ හිතවාදීන්ට සැමරීම තහනම්ය! එල්ටීටීඊ හමුදා භටයින්ගේ සොහොන් කොත් ඩෝසර් කර ඇත.!! කවර තත්ත්වයක් යටතේ වුවද 'සිය පස මිතුරාට ගරු බුහුමන් දැක්වීමේ දුටුගැමුණු චින්තනයෙන් අපි දුරස් වී සිටිමු!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site