(දිලංගා ගෝමස්)
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් හෙට දින විරෝධතා රැළියක් ගල්කිස්ස පොලිස් සීමාව තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් ඊට ත්‍රස්තවාදී හෝ මොන යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් එම උද්ඝෝෂණයට තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය තුනක් කළ ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද ප්‍රතික්ෂේප කළේය.
සෞඛ්‍ය නීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව මහජනතාව කැඳවමින් විරෝධතාවක් සිදුකිරීමෙන් පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
කොරෝනා වසංගත හේතුවෙන් වසා දමා තිබූ රට විවෘත කර සංචරණ සීමා ද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේදී සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා කුරුඳුවත්ත පොලිසිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් මෙවැනි උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවණතාවක් ඇති බවත් ගල්කිස්ස 1 සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා ඇතුළු ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී.පෙරේරා යන නිලධාරීහු මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වුහ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශවල මහජන රැස්වීම් පැවැත්වීම තහනම් බවට සටහන් කර නොමැති වීමත්, එම උද්ඝෝෂණය ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්විය හැකි බවට ඉදිරිපත් කළ බුද්ධි තොරතුරු උපකල්පනයන් පමණක් වීම මත පොලීසිය ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් ආණ්ඩුව සෑහෙන්න බය වෙලා වගේ. කොරෝනා කාලේ පැණිය පස්සෙ, මුට්ට් පස්සෙ හිහින් හත් පොළේම ගා ගත්තේ කවුද?
‘‘ඊට ත්‍රස්තවාදී හෝ මොනයම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්...‘‘ හිරිකිතයි නේද IRC පාලනය...!!!