IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලීසියෙන් යැයි කියා සිසුවෙකුගේ දුරකතනය කොල්ලකාලා

(විජේරත්න රත්නායක)

තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් පාසල් දරුවෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (19) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
                      
අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල දෙයියන්නේවෙල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු හා බදුල්ල ඔලියමණ්ඩිය පදිංචි 27 හැවිරිදි අයෙකි. මොවුන් දෙදෙනාම මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවද අනාවරණය වෙයි.
                      
සිය ජංගම දුරකතනය ද අතැතිව බදුල්ල ප්‍රධාන බස් නැවතුමේ බස් රථයක් බලාපොරොත්තුව රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකු අසළට ගොස් ඇති සැකකරුවන්, තමන් පොලීසියෙන් බවත් මෙම දරුවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් කියා ඔහු රවටා පාළු ස්ථානයකට කැටුව ගොස් බියගන්වා ඔහු අතවූ ජංගම දුරකතනය රැගෙන පලාගොස් ඇත.
                      
අනතුරුව එම දරුවා සිය පියා සමඟ ගොස් මේ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ තොරතුරුවලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් සැකකරුවන් විසින් අගුළු ඇරීම පිණිස දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට ලබාදී තිබූ අදාළ ජංගම දුරකතනයද පොලීසිය මඟින් සොයාගෙන ඇත. 
 
සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

පොලීසියෙන් යැයි කියා සිසුවෙකුගේ දුරකතනය කොල්ලකාලා

sharm warn Friday, 19 February 2021 05:47 AM

පොඩි ළමයින්ට කොහොමටවත් ජංගම දුරකථන වුවමනා නැහැ. දුරකථනය විතරක් නැතිවෙලා ළමයා බේරුණු එකත් ඇති.

:       3       4

පැරකුම් Friday, 19 February 2021 12:16 PM

දැන් ළමුන් ඔන්ලයින් පන්ති සහ පාඩම් වලට සම්බන්ධ වෙන්න බොහෝවිට භාවිතා කරන්නේ ජංගම දුරකථන. සාමාන්‍ය මට්ටමේ තිරයක් සහිත ජංගම දුරකථනයක්.. කොහොමත් රුපියල් 20000 - 50000ක් අතර වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site