(මොහොමඩ් ආසික්)
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 12 ක් පොලිසියට විකිණීමට යද්දී සැකකරුවන් දෙදෙනාද සමග අද (08) පූජාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත දිසා බුද්ධි සහ දිසා පුරාවිද්‍යා ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ඉතා සූක්ෂම ලෙස මෙම වල්ලපට්ටා ව්‍යාපාරිකයින් සමඟ සබඳතාවයක් ඇති කරගෙන ඔවුන් සතුව ඇති වල්ලපට්ටා කිලෝ 12ක් එක් කිලෝවක් රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 60කට මිලදී ගන්නා බවට ඔවුන් එකඟ කරවාගෙන එයට අදාළ ආදර්ශ මුදල් බෑගයක්ද සූදානම් කරගෙන පූජාපිටිය බොක්කාවල මාර්ගය ආසන්නයේ ඔවුන් විසින් සඳහන් කරනු ලැබූ එක් ස්ථානයකට මෙම සැකකරුවන් වල්ලපට්ටාද සමඟ ගෙන්වා ගෙන ඒවා මිලදී ගන්නා මුවාවෙන් පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් වල්ලපට්ටා සහ සැකකරුවන් පූජාපිටිය පොලිසිය වෙත බාර දී ඇති අතර පූජාපිටිය පොලිසිය මගින් ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති ඩී.අාර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත දිසා බුද්ධි හා දිසා පුරාවස්තු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු අත් අඩංගුවට ගනුලැබූහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසියටම විකිණූ වල්ලාපට්ටා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට