තරිඳු ජයවර්ධන
අද උදෑසන මඩකලපුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන ගැන සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් කොළඹ සිට ගුවන් මගින් මඩකලපුව බලා පිටත් විය.
එම කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඇතුළු පිරිසක් ද අයත් වෙති.
ඔවුන් අද සවස මඩකලපුවේ පොලිස් ප්‍රධානීන් හමුවී ආරක්ෂක තත්ත්වය ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරයේ වුවමනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය නොකර, ත්‍රස්තවාදය නොයෙකුත් නම් වලින් නැවත සක්‍රීයවීමට ඇති ඉඩකඩ මුලින් උපුටා දමන්න. නැති නම්, ත්‍රස්තවාදීන් නැවතත් ගුවන් යානා වලින් ප්‍රහාර දෙන තරමට ශක්තිමත් වෙන තෙක් නිදාගෙන ඉඳපල්ලා...
රාත්‍රී එක වනතුරු සේවයේ සිට නිවාඩු අරගත් රාලහාමි ගැන තව සොයා බලන්න. ඔහුගෙන් ඉතාම වැදගත් විස්තර සොයාගත හැකි වනු ඇත.
මේ අපරාධයට සම්බන්ද සියලු දෙනාට දැඩි දඩුවම් දෙන්න.
උතුරේ ආරක්ෂාව තර කළ යුතුයි... හමුදාව මුර පොළවල්වලට දැමිය යුතුයි,... නව මුර පොළවල් ස්ථාපිත කළයුතුයි.
EPDP කාරයත්, ප්‍රභාගේ නැගෙනහිර දෙවෙනියත් මහින්දගේ යාලුවෝ නේ. ඉතින් අායෙත් ඒ් අය බලවත් වෙලා.
මේක තමයි සංහිඳියාව. එක එක්කෙනාට බයේ ඒ ප්‍රදේශයේ හමුදාව කඳවුරු වලට සීමා කරලා හරියන්නේ නැහැ..
මේ සියල්ලට පළමුව කවුද මේ අපරාධය කලේ කියල හොයා ගත යුතුයි.
දැන් පොලිස්පතිට මීට වඩා තියනවා කරන්න. රාජකාරිය පසෙක තියලා එක එක්කෙනාගේ පස්සේ සැලියුට් ගගහ ඇවිදින එක තමා කරන්නේ... බොරුවට කයිවාරුව විතරයි, වැඩ නැහැ. රාජ්‍ය නිලධාරීන් ඉන්නේ කඩේ යන්න නෙවේ. තමන්ට පැවරුණු රාජකාරිය කරන්න මිනී මරනවා, මංකොල්ල කනවා, ආව එකෙන් මිනිස්සු කපලා මරනවා. පාතාලය රජ කරනවා. බණ කිව්වට ඉතින් රටක් රැකේද?