IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස්පති පුජිත්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

 ( තරිදු ජයවර්ධන) 
 
ජනාධිපතිවරයා  හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (25)  පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් පැය  හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් අනුව   අද  (25) උදේ  7.30 ට පමණ   පුජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවත්  දහල් 11.30 පමණ වන තෙක් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.


 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා  තවත් දිනක  පොලිස්පතිවරයා කැඳවීමට නියමිත බවද  එම ආරංචිමාර්ග සඳහන් කරයි.


  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්  යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්   නාමල් කුමාර නැමැත්තෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  පැමිණිල්ලක් කර තිබිණි. ඊට අදාල හඬපට  කිහිපයක්ද  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි. 


පැමිණිල්ලෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මීට පෙර ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරව සිටි නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.


 ත්‍රස්තවිමර්ශන අංශයේ තිබු  ස්වයංක්‍රීය  අවි දෙකක් නිත්‍යනුකූල නොවන ආකාරයට ඉන් පිටතට ගෙන ගොස්  යළි ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මෙම පරීක්ෂණයේදී තොරතුරු අනාවරණය වී ඇති අතර  ඒ ගැනද  විමර්ශන පවත්වන බවද අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


මෙම පරීක්ෂණයට අදාලව මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු  ,පොලිස් අධිකාරීවරු දෙදෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරු ඇතුළු පොලීසයේ විශාල පිරිසකගෙන්  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.



අදහස් (4)

පොලිස්පති පුජිත්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

ගල්කටස් Sunday, 25 November 2018 10:06 AM

පොලිසියෙන් ඉවත් වෙලා ඡන්දය ඉල්ලන්න ලොක්කා...

:       3       120

shan saudi Sunday, 25 November 2018 10:39 AM

"කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ " දිට්ඨ ධම්ම වේදනීය කර්මය ලොවේ සැමට පොදුයි .

:       0       0

sisil Sunday, 25 November 2018 01:53 PM

මේවා සේරම ශෝ... මිනිස්සු නිකන් ගොනාට අන්දනවා.

:       127       140

Mahee Tuesday, 27 November 2018 04:13 AM

මට පැය හතරක් එපා තත්පර හතරක් දෙනවද? අරයට යස් සර් කියන්නේ නැද්ද එතකොට දැන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site