IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිස්පති ඇතුළු තුනකට 13 උසාවි එන්නැයි නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපයාගන්නා ලද රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි මුදල් විශූද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් සාක්කිදීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකුට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (6) නියම කළේය.

ගාමිණි සෙනරත් මහතා වෙනුවෙන් සාක්කිදීම සඳහා නම් කර ඇති හිටපු භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා, අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සහ දුෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂකවරයා ඇතුළු තිදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එම සිතාසි ඔවුන්ට බාරදෙන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හා අධිකරණ පිස්කල්වරයාට නියම කළේය.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේ දී විත්තිකරුවන් වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයට අනුව මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ගාමිණි සෙනරත් මහතා වෙනුවෙන් සාක්කිදීම සඳහා සාක්කිකරුවන් ලෙස නම් කරමින් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉදිරිපත් කළ සාක්කි ලැයිස්තුවේ සාක්කිකරුවන් ලෙස නම් කර සිටි අදාළ නිලධාරීන්ට එලෙස සිතාසි නිකුත් කළේය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.

2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරි මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වූ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහි නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.



අදහස් (4)

පොලිස්පති ඇතුළු තුනකට 13 උසාවි එන්නැයි නියෝග

jagath Monday, 06 May 2019 12:27 PM

පොලිස්පතිතුමා වෙනුවෙන් නීතිපතිතුමා අනිවාරයෙන්ම ඉදිරිපත් වියයුතුයි.

:       0       2

thnujaa Monday, 06 May 2019 12:34 PM

පොලිස්පතිතුමා යම් තාක් දුරට රාජකාරිය කරල තියෙනවා ඇත්ත වශයෙන්ම

:       6       8

Nalaka Monday, 06 May 2019 06:54 PM

ඇයි හිස්බුල්ලයි, බදුර්දීන් අල්ලන්නේ නැත්තේ?

:       0       0

imesh Tuesday, 07 May 2019 04:12 AM

ලොකු අයිය නැද්ද ඔය ලිස්ට් එකේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site