තරිඳු ජයවර්ධන
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි රවී ඩබ්ලිව් විජේගුණවර්ධන මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අනුමත කිරීමට මේ වන තෙක් ජාතික පොලිස් කොමිෂන් සභාවට එවා නැතැයි පොලිස් කටයුතු ආරංචිමාර්ගවලින් පැවසේ.
රත්ගම දී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පැවැති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹට ස්ථාන මරු කරනු ලැබීය.
පසුගිය 16 වැනි දා මෙම ස්ථාන මාරුව සිදු කර ඇතැයි ද, දින පහක් ගතවී ඇතත් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට පොලිස් කොමිෂන් සභාවට එවා නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා දකුණු සහ සබරගමුව පළාත් දෙක භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කර නැතැයි ද, දකුණ සහ සබරගමුව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුව නිල වශයෙන් පොලිස් කොමිෂන් සභා අනුමැතිය ලබාගෙන නැති නිසා එම පළාත් සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වී ඇතැයි ද පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ ස්ථාන මාරුව අනුමත කර ගැනීමට පොලිස් කොමිෂන් සභාවට එවා නැති නිසා විනය ක්‍රියාමාර්ගයක් ගැන තීරණයක් ගැනීමටවත් නොහැකි වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිමද නාවේ...... ඇයි නාවේ...
මේ ....මං නොදන්නා හින්දයි අහන්නේ. දැන් පොලිසිය තියෙන්නේ කා අතේ ද ?
කොමිසන් සබාව තමා ප්‍රශ්නේ?
මේ වනවිට ලංකාවේ පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න විශාල සේවයක් කරමින් සිටිනවා. මේ සිද්ධියේ සුලමුල හරිහැටි කව්රුවත් නොදන්නා නිසා පොලීසිය අපහසු තාවයට පත්කරන්න එපා. මම එහෙම කියන්නේ පොලිසිය නැති උනොත් කාන්තාවකට පාරේ යන්න තියා කොල්ලකුට නිවසේ ඉන්න බැරි වනවා.