නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ යැයි කියන පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු 2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔවුහු රිමාන්ඩ් බාරයේ පසුවූහ.
036
COMMENTS
ඔය එන්නේ එක එක්කෙනා එළියට... " කාටත් එක නීතිය "
ඔබතුමා වැනි උගත්, බුද්ධිමත් දේශපාලකයින් තමයි අපේ රටට අවශ්‍ය වන්නේ. අර නිරපරාදේ සිර ගතවීමට හේතුවූ, එවැනි සත් ක්‍රියා තව තවත් බහුලව කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි..!!
කළින් ආණ්ඩුවේ පළිගැනීම් ටිකටික නිවැරදි වෙනවා. තව බොහෝදේවල් නිවැරදි කරන්න තියෙනවා.
කොටිත් එක්ක යුද කරලා ආබාධිත වූ රණවිරුවෙක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දුක්විඳිනවා. හැබැයි සිංහලු සමූල ඝාතනය කරපු අය මේ වගේ කොටින්ට ඇප දෙනවා. ‘එකම රටත් එකම නීතියක්..’
කවුද කියන්නේ සර් ෆේල් කියලා...?
සර් උඩින්ම පාස්. ඔන්න කැමති අයට පුලුවන් මේකත් වට මැනපු පොල් ගෙඩියක කිරි දාලා පකිස්ථාන් හාල්වලින් කිරිබතක් උයලා කාලා ," රට රකින අපේ විරුවා " සිංදුවත් තාලෙට කියලා නටලම සමරන්න. මතක ඇතුව රතිඤ්ඤා අරන් තියා ගන්න. ඊළඟට සමරන්න තියෙන්නේ දුමින්ද සිල්වා නිදහස් වෙන එක...
සර් කුජීත වෙලා ඉන්නේ. අර තුන්මුල්ලෙ විමලෙයි. නාවලපිටියෙ කෙනයි නැත්නම් කුණුවෙලා...
සෞභාග්‍යයේ නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත. හිටපු ජනාධිපති ලේකම්වරයා නිදහසේ කෙරුණි. බැසිල්ගේ විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණි. පිල්ලෙයාන්ට ඇප ලැබුණි. දුමින්ද සිල්වා නිදහස් වීමට නියමිතව ඇත. 69 ලක්ෂයක මිනිසුනි. තණකොළ කෑමට ඔබලා සුදුසුයි නේද?
අපිට තණකොළ නෙමෙයි... වෙන මොනවාහරි දෙන්න මේ කළ විනාශයට සමාවෙන්න මමත් 69ලක්ෂයේ කෙනෙක්...
මීළඟට දුමින්ද සිල්වාව මල්මාලා දාලා පිළිගන්න බලාගෙන ඉමු.
වහලේ උඩට වත් නැග්ගද?
අවුරුදු 5ක් නඩුව අහන්නේ නැතුව රිමාන්ඩ් කරලා තිබුන එකනම් වැරදියි.
මේක මහ කාලකණ්ණි රජයක්... රාජපක්ෂලාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටේ අවාසනාවකට කොන්ද පණ තියෙන විපක්ෂයකුත් නැහැ. රංජන් විතරයි කතා කරන්න හරි ඉන්නේ....