(ටී.කේ.ජී.කපිල)
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පිලිපීනයේ රැදී සිටි ලාංකිකයන් 41 දෙනෙකු මැනිලා නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ශ්‍රී ලාංකිකයන් පිලිපීනයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.
මොවුන් පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙය අපබ්‍රංශයකි. මොවුන් කුමන රැකියාවල් වල යෙදුණු අයද?