පිලිපීනයේ උතුරු දිග කඳුකර පෙදෙසේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හා නාය යෑම් ඇතිවී 11දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
සහන කණ්ඩායම් පවසන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටිතැයි විශ්වාස කරන 23දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
පැයට කිලෝමීමරු 140ක වේගයෙන් හමාගිය යුටූ සුළිකුණාටුව හේතුවෙන් ලුසොන් දිවයනේ මෙම ආපදා තත්ත්වය ඇති විය.
මියගිය අය අතර කුඩා දරුවන් හතර දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.
යුටූ මෙම වසරේ පිලිපීනයට බලපෑ 18වන සුලි කුණාටුව වන අතර එය මේවන විට දුර්වල වෙම්න් චීනය දෙසට ගමන් කරන බව කාලගුණ අංශ වාර්තා කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.