(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නියෝග  පාර්ලිමේන්තුවේ දී අද (22) පස්වරුවේ සම්මතවිය.

පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳුන්ට එරෙහිව රුපියල් කෝටි දෙකක්  දක්වා දඩ මුදල්  නියම කිරීම සඳහා මෙම නව සංශෝධන පනත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සහ නියෝග පිළිබඳ විවාදය අද  පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා පැවැත්විණ.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක්  අදහස් දැක්වූහ.