IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලොන්නරුවට පෑවිල්ල තද වෙයි

(ක.ග.කරුණාරත්න)

පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක වෙසෙන 30,000කට අධික පිරිසක් මේ දිනවල බීමට ගනු ලබන්නේ බවුසරයෙන් සැපයෙන ජලය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

වැලිකන්ද.දිඹුලාගල,හිඟුරක්ගොඩ,තමන්කඩුව,ලංකාපුර,මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා අද(18) ප්‍රකාශ කලේය.

එයින් වැඩිම පිරිසක් අයත්වනුයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට යැයිද ඒ මහතා කීය.

එහි ග්‍රාම නිලධාරී වසම් 11ක වෙසෙන පවුල් 4659කට අයත් පුද්ගලයන් 14700ක් පානීය ජල හිඟයෙන් පීඩා විඳිති.

 



අදහස් (5)

පොලොන්නරුවට පෑවිල්ල තද වෙයි

Warnakulasuriya Shirantha Saturday, 18 September 2021 08:11 PM

ජනාධිපති කෙනෙක් පහල උන ගමකට වුන දෙයක්. පක්ෂ දේශපාලනයෙන් මිදිලා දැන්වත් බුද්ධියෙන් වැඩකරපල්ලා . ගම් රටවල් දියුණු කර ගනිල්ලා .

:       0       3

Jay Saturday, 18 September 2021 10:58 PM

ඔය ජෝගින් ට්‍රැක් එකක් හදන්න දුන්නේ නැති එකේ විපාකේ.

:       1       3

බැද්දෙගෙදර ටිකෝනිස්Sunday, 19 September 2021 01:35 PM

බය වෙන්න එපා මහනුවරට ගිය උන්නාන්සේලාම සෙනසුරාදා මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා ජොගින් පාක් අත්‍යවශ්‍යය කියලා .කවුද කෙනෙක් වැඩ පටන් ගත්තලු .කොරන්න දෙන්නලු.එහෙම තියෙද්දි ඊයෙ රූපවාහිනී නාලිකාවල පෙන්නුවා පොලොන්නරුවේ අලි කරදර වලින් විශාල පිරිසක් දුක් විදිනවා ළගදීම ජොගින් පාක් හැදුවාම අලි කරදරෙත්, නියගයත් සදහටම ඉවරයි චුට්ටක් ඉවසගෙන ඉන්න

:       0       1

රත්නායක Sunday, 19 September 2021 12:10 AM

තවත් ඇවිදින මංතිරූ හදමු.!!!!

:       1       3

චන්දන Sunday, 19 September 2021 07:40 AM

පොලාන්නරුවේ ඉන්න සද් ගුණවත් හාල් මුදලාලිලා ට බැරිද බවුසර් දාල වතුර බෙදා හරින්න. 50 ට ගන්න වී 200ට විකුණලා ගන්න ලාබෙන් හෝටල් විතරක්ම හදන එක එතරම්ම හොඳ මදි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site