IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී

(ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල නගරයේ අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාත්කවුරුත් නැති  කන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු  දිවි බේරා ගත් පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි

වයස අවුරුදු හැටක් පමණ කේ. කරුණාවතී නැමැති මෙම කාන්තාව පෙරදින රාත්‍රී නිදා ගෙන සිටියදී දැඩි වර්ෂාවත් සමග ගලා ආ මහා ජල පහරකට අසු වී අතුපැලත් සමග  ගසා ගෙන යද්දී ඔයට නැමී තිබූ  අත්තක එල්ලී ඇය කෑ ගසා ඇත.

එම සද්දය ඇසි අසල්වාසීන් පිරිසක් එම ස්ථනයට පැමිණියත් ඇය බේරා ගැනීමට නොහැකිවූ නිසා වහා ක්‍රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දන්වා ඇත.

ඒ අනුව නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන්වරුන් වන හේමචන්ද්‍ර (47617) හා අමිත්(61798) යන මහත්වරු සුළු වේලාවක් ඇතුළත එම ස්ථානයට පැමිණ බලද්දී කාන්තාව ගසේ අත්තක එල්ලී සිටිනවා දුටුවත් සැඩ පහරට  පැන ඇය බේරා ගැනීමට නොහැකි වීමත් සමග පොලිස් නිලධාරීන් දෙදෙනා  පිහිනීමට දක්ෂ රුග්ගහවිල උඩුගොඩ පදිංචි ඩබ්ලිව් ඒ අසංක නිරෝෂන්(38) මහතාට දුරකථන ඇමතුමක් දී ඇත.

ඒ මහතා විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී එම ස්ථානයට පැමිණ මහා  සැඩ පහරට පැන පැය හතරකටත් වඩා වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා පෙරදින අලුයම 04 ට පමණ එම කාන්තාව ඔයෙන් ගොඩ ගෙන වහාම වතුපිටිවල රෝහලට රැගෙන යාම නිසාම ඇයගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇත.

 



අදහස් (11)

පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී

Karl Saturday, 15 May 2021 03:03 PM

මිහිපිට දෙවිවරු...

:       1       75

Pradeep Saturday, 15 May 2021 03:20 PM

නිවන් මගට මහ පාරමිතාවක් වේවා ඔබට...!!! 

:       0       116

Laksitha Saturday, 15 May 2021 04:06 PM

බොහොම පින් ...!!!

:       0       75

Almeida Saturday, 15 May 2021 05:23 PM

මිහිපිට දෙවිවරු...

:       1       53

Bandara Saturday, 15 May 2021 06:44 PM

ඔබට ගොඩක් ස්තූතියි..!!! 

:       0       59

විපරමා Saturday, 15 May 2021 07:33 PM

කරපු පින් හේතුකොටගෙන ඔහුට කිසිම දුකක්,කරදරයක් නොවේවා ! නිරෝගී සම්පත ලැබේවා ! දිර්ගායු අත්වේවා!

:       0       58

යසරත්න බණ්ඩාර Sunday, 16 May 2021 02:05 AM

තවත් කෙනෙකුගේ ජීවිතය ගැන සිතන මෙවැනි වීරයන්ට උපහාර කල යුතුයි.

:       0       0

Raveendra Sunday, 16 May 2021 03:31 AM

ඔබට යහපතක්ම වේවා...!!!

:       0       0

Dharmatileke Sunday, 16 May 2021 04:40 AM

ඔබට කිසිම දවසක අනතුරක් නොවේවා.!

:       0       0

ලුම්බිණි Sunday, 16 May 2021 04:47 AM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත

:       0       0

suneetha jayasundara Monday, 17 May 2021 11:12 AM

පුතේ, නුඹට ඉතාමත් පින්... බුදු සරණයි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site