(රංජන් කස්තුරි)
වෙළෙඳපොළට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවකට ලක් කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති එච් කේ උදය රූපසිංහ මහතා පැවසීය.
රසායනාගාර පරීක්ෂාවෙන් පසුව ප්‍රමිතියෙන් යුත් පොල්තෙල්වලට ඒ බව සනාථ ලේබලයක් ඇලවිමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
ඇතැම් පුද්ගලයින් දේවාල හා පන්සල් වලින් ඉවත් කරන දින ගණනක් පරණ වු අපිරිසිදු පොල්තෙල් විවිධ කෑම වර්ග සෑදීම සඳහා ඇතැම් නිෂ්පාදකයින් භාවිත කරන බවට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සඳහන් කළෞය.
යමි පුද්ගලයකුට තමන් භාවිත කරන පොල්තෙල් හි පිරිසිදු භිවය පිළිබඳව සැකයක් පවතිනම් නාරාහේන්පිට පොල් සංවර්ධන මණ්ඩලයේ ස්ථාපිත රසායනාගාරයෙන් තත්ව පරීක්ෂාවක් කර ගත හැකි බවද අපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳව පොල් සංවර්ධන අධිකාරියේ වැටලීම් අංශයේ 011-2502501 /3 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි සභාපතිවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල්තෙල් ප්‍රමිතිය තහවුරු කිරීමේ වැඩපිළිවෙළක්
Sapumal. Friday, 08 March 2019 12:02 PM
ඉතාමත් හොඳ අගනා පියවරක්... බොහෝ පොල්තෙල් වලට ෆාම් ඔයිල් කලවම් කරලා. සමහර පූජා නගරවල ආප්ප, බිත්තර ආප්ප වලට දාන්නේ පහන් වලින් ඉවත් කරන තෙල්. මේ නිසා ආප්ප සහ බිත්තර ආප්ප වල හඳුන්කුරු වැනි රසයක් දැනෙනවා. සමහර දොදොල් වලත් එහෙමයි. කතරගම මේ තත්වය විශේෂයි. මේ පළාත්වල පී.එච්.අයි. ලා සැප නින්දේ...
Raveendra Friday, 08 March 2019 12:10 PM
ඇත්තෙන්ම කාලින අවශ්‍යතාවයක්. අවංකවම සියල්ලන්ටම මේ සඳහා දායකත්වය දැක්වීමට හැකිවේවා...!!!
දිමුත් Friday, 08 March 2019 01:11 PM
ඕක පී.එච්.අයි මහත්තුරු හරහා ප්‍රාදේශීයව සිදුකරන්න. ජනතාව නිකං ලෙඩවෙනවා බාල පොල්තෙල් භාවිතා කරලා.
ranasinghe Friday, 08 March 2019 02:46 PM
මෙම පරීක්ෂා කිරීම තුල මුදලක් ගෙවන්න වෙනවා. එම මුදලින් කොටසක් පරීක්ෂකයෝ නීතියානුකූලව බෙදා ගන්නවා. ඕකයි කතාව.
Sumith Friday, 08 March 2019 04:29 PM
ගොඩක් හොඳයි.
විජිත් Sunday, 10 March 2019 03:54 PM
ඒ වගේම තමයි පොල්තෙල් ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුයි. කාලයකට ඉහතදී මගේ හිතවත් මහාචාර්යවරයෙක් සමීක්ෂණයක් කළා. 1940 ගණන්වල අපේ රටේ හෘදයාබාධවලින් මියගිහින් තියෙන්නේ වසරකට 20දෙනෙකුටත් අඩුගණනක්ලු.. 1960 ගණන් වලදී 50කටත් අඩුගණනක්ලු... දැන් ඒ කියන්නේ 2019 වන විට අවුරුද්දකට 20000 කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් හෘදයාබාධ නිසා නැති වෙනවා. මේ මහාචාර්යවරයාගේ නිරීක්ෂණ මත පදනම්වූ තර්කය ඉතාම සාධාරණ එකක්. ඒ කියන්නේ..1940 ගණන්වල 1960 ගණන්වල අපේ රටේ අහාර පිසීම සඳහා උපයෝගී කරගත්තේ " පොල් තෙල්" . 1940 - 1960 ගණන්වල විශේෂයෙන්ම " සෙක්කු පොල් තෙල් " තිබුණා. (වර්තමානයේ වර්ජින් පොල්තෙල් සාදන්නේත් මීට සමාන යාන්ත්‍රණයකිනි) ඒවා තමයි අපේ මිනිස්සු පාවිච්චි කලේ. ඒ අය නිරෝගීව ජීවත් වුණා. 1980 වනවිට අපේ පරිභෝජන රටාව වෙනස් වුණා. පොල්තෙල් ශරීරයට හොඳ නැතිබවට ලෝකය පුරා ප්‍රචාරයක් ගියා... අපි එළවලු තෙල් පිට රටින් ගෙන්වාගෙන කන්න ගත්තා. දැන් හදවත් රෝග ආශ්‍රිත මරණ ප්‍රමාණය වසරකට 20000 කටත් වැඩියි. ඒ මදිවාට තවත් කට්ටියක් " ෆාම් තෙල් " අපේ රටේ ප්‍රචාරණය කරන්න උත්සාහ ගන්නවා. නමුත් බටහිර රටවල ෆාම් තෙල් ආහාර වලට යෙදීම තහනම්.