
(විනීතා එම් ගමගේ)
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට අද (30) උපදෙස් දුන්නේය.
2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඩ් බදුර්දීන් මහතාගේ උපදෙස් පරිදි බව එම ගැසට් නිවේදනය පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගෙන් දුරකථනය ඔස්සේ කළ විමසීමක දී යැයි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොල් මිල විකෘතියක් බවත් එය කැබිනට් පත්‍රිකාවක් මගින් ඉක්මනින්ම නිවැරදි කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසූ බව හෙතෙම සඳහන් කළේය.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක් අතරතුර දී මෙම උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.
ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295 ක සෙස් බද්ද රුපියල් 125 ද්කවා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය කඩාවැටුණු බව එහි දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන් බව කී එම නිලධාරියා දේශීය නිෂ්පාදකයන්ට මේ තත්ත්වය යටතේ ආනයනික පොල්තෙල් සමඟ සටන් කරන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔවුන පෙන්වා දුන් බවත් කීවේය.
තම අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ලංකා රාජ්‍ය සමාගම මගින් දේශිය නිෂ්පාදකයන් ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම පොල් ගෙඩි වශයෙන් අපනයනය නරත කිරීම වැනි දේශීය පොල් තෙල් කර්මාන්තය නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා කී යැයි ද එම නිලධාරියා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
227
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල්තෙල් - පාම්තෙල් කලවම් කර විකිණීමට තිබූ අනුමැතිය අවලංගුයි