(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල හාල්පන්විල මංසන්ධියේ පිහිටි පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් අද(18) ගිනිගෙන විනාශ වී ඇති බව මාරවිල පොලිසිය පවසයි.
ගින්න පැය පහකට ආසන්න කාලයක් පැවතුණු බව පොලිසිය කියයි.
හලාවත සහ මීගමුව නගර සභාවල ගිනි නිවන ඒකක, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මාරවිල පොලීසිය හා කර්මාන්තශාලාවේ සේවකයන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ගින්න මැඩ පැවැත්වූ බව පොලිසිය කියයි.
ගින්නෙන් යන්ත්‍රසූත්‍ර හා ගබඩා කර තිබූ පොල්තෙල් විනාශ වී ඇති අතර, සිදුවූ අලාභය රුපියල් කෝටි ගණනක් බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවීමක් මීට හේතුව බව සැකකරයි.
සිද්ධිය සම්බන්ධව මාරවිල පොලීසිය විමර්ශන පවත්වයි.



2025 ඔක්තෝබර් මස 08
1479
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල්තෙල් නිෂ්පාදන කම්හලක් ගිනි ගනී