(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)
පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ අද(04) පැවැසූහ. රදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන, අගෝස්තු මංගල්‍යයට එක්වූ බැතිමතුන් අමතමිනි.
එහිදි වැඩිදුරටත් බැතිමතුන් ඇමතූ රදගුරු හිමියෝ මෙසේ පවසා සිටියහ.
“ධනය සම්පත් ගැන දෙවියන් වහන්සේ කථා කරද්දි මට හැඟෙනවා මේ දේව වචනය සෘජුවම රට පාලනය කරන අයට අදාළයි කියලා. මොකද රට පාලනය කරන අය තමයි, දේශයේ ධනය පාලනය කරන්නේ. මෙය අපි සියලු දෙනාටම අදාල ධනයක්. ඒ ධනය පාලනය කරද්දී තමන්ගේ ධනයක් නොවේ එය ජනතාවගේ ධනයක් ලෙස සිතා රට පාලනය කල යුතුයි.“
“අපි දකිනවා ජනතාවගේ ජන්දයෙන් ඔවුන් ඉදිරියට ආවත් ජනතා පරමාධිපත්‍ය කියන එක වචනයකට සීමා කරලා කියාලා. ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කියලා ඔවුන් සමහර තීරණ ගන්නේ ජනතාවගේ කැමැත්ත නැතිව. ජනතාවට විරුද්ධව. මම කියනවා ජනතාව වෙනුවෙන් යහපත් යමක් කරන්න බැරිනම් අයහපත් යමක්වත් නොකර ඉන්න උත්සහ කරන්න උවමනායි කියලා“
“පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් අපේ ජනතාව තාමත් ඉන්නේ බියෙන්. එම සිද්ධීන් සඳහා සාධාරණයක් වෙලා නැහැ. ඒ සඳහා සොයා බැලීම් කරන එක හොඳයි. නමුත් මෙය කළේ කවුද කියලා සොයා බැලීම පමණක් නෙවෙයි කළයුත්තේ. කවුද මේ පිටුපස ඉන්නේ කියලා සොයා බලා මේ පිටුපස සිටින පිරිස් නීතිය ඉදිරියට ගෙනඒමයි කළ යුත්තේ. එතකොටයි ජනතාවට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ” යැයිද හිමිපාණෝ පැවසූහ.
“තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ පැවති මෙම අගෝස්තු මංගල්‍ය හලාවත රදගුරු දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් හා ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙම මංගල්‍ය පූජාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාව සපයා තිබිණි.
මෙම අගෝස්තු මංගල්‍ය සඳහා දිවයිනේ නන්දෙසින් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණද මෙවර යම් අඩුවීමක් දැකගත හැකිවී තිබුණි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා, රාජ්‍ය නිලධාරීහු, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සනත් නිශාන්ත පෙරේරා, රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා යන මහත්වරු මීට සහභාගී වූහ.

COMMENTS
පල්ලිය කෙලින්ම දේශපාලනයට බැහැලා වගෙයි... අපේ සමහර හාමුදුරුවරු වගේ...
හම්බයින් සමග නිදිවදින මේ පාලකයින්ට ජනතාවගේ ත්‍රස්තබිය නැතිකරන්න බැහැ. රටේ කර්මාන්ත ඇමති රට උලාකාපු හම්බයෙක්... ඔබලා 2009 සිට 2014 දක්වා නිවී සැනසිල්ලේ නිදියගත්තා නේද? ඒ කවුරුන් නිසාද වැලන්ස් මෙන්ඩිස් හිමිපාණනි. එහෙනම් ඔවුන්ම නැවත පාලනය ගෙන සුවසේ සැතපෙන්න.
රදගුරු හිමිපාණන් නොදැන හිටියට අපේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් කවුද මේ පිටුපස ඉන්නේ කියලා දැනටම හොයාගෙන තිබෙන්නේ කියලා මම හිතනවා. අනික ඕනෑවට වඩා හැමතැනම හමුදාව, පොලිසිය දැමීමෙන් ජනතාවගේ බිය, සංකා වැඩිවෙනවා.
පාලකයින්ට ජනතාවගේ බිය සංකා නැතිකළ නොහැක. පාලකයින්ට පුළුවන් භෞතිකව මිනිසුන්ට ආරක්ෂාවීමට ක්‍රියාමාර්ග ගැනීම පමණි. අද සමාජය තුල බිය, සංකා ඇත්නම් එයට වගකිව යුත්තේ පාලකයන් මෙන්ම පූජකවරුන්ය...
කතෝලික සභාවේ සමහරුන් දැන් එළිපිටම රාජපක්ෂලාට කඩේ යනවා. පසුගිය ආණ්ඩුව කාලේ පල්ලිය ඇතුලට ඇවිල්ලා හමුදාව වෙඩි තියනකොට මේක කියන්න කොන්ද පණ නැති නායකයින් කාඩ්බෝඩ් වීරයන් වෙන්න දඟලනවා.
මෙතුමා කියන්නෙත් කාදිනල්තුමාගේ වචන ටිකම, රටම කුතුහලයට පත්කරන දේවල් නොකියා ඔය සිද්ධිය පිටිපස්සේ ඉන්න අය ගැන දන්නවා නම් එය රටට හෙලිකිරීම වැදගත්... හදිසි නීතිය යටතේ ආරක්ෂක හමුදාවන් රාජකාරියේ යොදවන එක හැරෙන්න පාලකයින් අපේ ගෙවල් මුර කරන්න එන්නේ නෑ..
ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කලොත් ඒක රාජපක්ෂලාට හෝ වෙනත් අයට කඩේයාමක් බවයි... නූගත් පුහුදුන් මිනිස්සු හිතාගෙන ඉන්නේ. දේශපාලකයින්ට ඕනෑ දේත් මෙයමයි. ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ අඩුපාඩු කතාකරන අයව හංවඩු ගහනවා.. කොන් කරනවා. අවසානයේ නූගත් මිනිස්සු සත්‍ය කතා කරන මනුස්සයාටම බැනලා ඔහුව පිළිකුල් කරලා වංචනික දේශපාලකයාගේ උගුලට අහුවෙනවා. ඉතින් එහෙම රටක්, බුද්ධිමත් පාලකයෙක් හෝ ජනතාවාදී වැඩපිළිවෙලක් පත්කර ගනියි කියා හිතන්නවත් පුළුවන්ද?
මෙච්චරයි අඩුවෙලා තිබුණේ... දැන් කහ සිවුරටයි, කලු ලෝගුවටයි දෙකටම එකට දේශපාලනේ කරන්න පුලුවන්. සුදු අරාබි ලෝගුවත් ළඟදීම එකතුවෙයි.
දේශපාලන පාට කණ්ණාඩි දාගත් අන්ධයින්ට ඇත්ත කතා කරනකොට කටු ඇනෙනවා වගේ. මේ වගේ දේශපාලන අන්ධයින්ගෙන් පිරිච්ච රටක පාලකයින් පිස්සු කෙලින එක අහන්නත් දෙයක්ද?
හරිම කනගාටුයි. කතෝලික අපි කාලයක් හංවඩු ගැහුනා එජාපෙ කියලා දැන් කියනවා රාජපක්ෂගේ කියලා. ඔහොම යද්දී කියයිද දන්නේ නැහැ මුස්ලිම් කොන්ග්‍රස් කියලා... එකක් දැනගන්න ඔය හැමෝම ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි සේරම ගත්තත් ඉන්නේ 10% ට ත් අඩුවෙන් . ඒ 10% ඇතුලේ සිංහල දෙමල දෙගොල්ලොමත් ඉන්නවා. ඒ 10% ඇතුලේ හැම පක්ෂයකට ම ඡන්දෙ දෙන අයත් , පක්ෂයක් නැතිව අවස්තානුකුලව ඡන්දෙ දෙන අයත් කාටවත් ඡන්දෙ නොදී අවලංගු කරලා එන අයත් ඉන්නවා . මේක තමයි ඇත්ත. ඒ නිසා කඩේ ගියත් නොගියත් ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි කොයි කොටසටත් අහු වෙන්නේ. බෞද්ධ ය 99% ක් සිංහල . ඉතාම සුළු වශයෙන් දෙමල බෞද්ධ අය ඉන්න පුළුවන් . එහෙනම් කඩේ යන්නේ කවුද ?? අපි බෞද්ධ ජනතාවට ආදරෙයි. මොකද එදා ක්‍රිස්තියානි අයට කරපු අපරාදෙදි අපේ බෞද්ධ නෑදයෝ තමයි අපි වෙනුවෙන් දුක් වුනේ , කාලය වැය කලේ , කියන්න දුකයි මුස්‌ලිම් ය කිව්වෙම එයාලට අසාධාරණයක් වුනා කියලා. මුස්ලිම් අයගෙන් මරුනේ බෝම්බ පුපුරව ගත්ත 6 දෙනා සහ පවුලම මරාගෙන මරුන අය . නමුත් අදටත් එයාලා අතින් මරුන අහිංසකයෝ ගැන ප්‍රසිද්ධියේ කනගාටු වුනේ අර හමුදා නිලධාරියා පමණයි . ඔයාලට මේවා මතකද මන්දා ....