IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොල්කටු පුළුස්සමින් සිටි වළට වැටී පුද්ගලයෙක් මිය යයි

( රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වළකට දමා  පොල්කටු   පුළුස්සමින් සිටි පුද්ගලයෙකු අද (27) උදෑසන එම අගුරු වලට වැටී පිළිස්සී මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වාරියපොල පොලිස් වසමේ කෙලිමුණේ, දිවුල්කොටුව පදිංචිව සිටි ඩී.එම්. සිරිවර්ධන නැමැති හැට හැවිරිදි තිදරු පියෙකි. රැකියාව ලෙස කුලීවැඩවල නිරතව සිටින මෙම පුද්ගලයා අමතර ආදායම් මාර්ගයක් ලෙස  පොල්කටු අගුරු නිෂ්පාදනයේ යෙදෙන බව ඔහුගේ ඥාතියෙකු පැවසීය.


 රෝගී තත්ත්වයකින්  පෙලෙන මෙම පුද්ගලයා එම රෝගය උත්සන්න වීමෙන් අගුරු වලට වැටෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සිද්ධියෙන් පුද්ගලයා එතැනම මියගොස් ඇති අතර අසල්වැසි තරුණයෙකු පැමිණ සිරුර ගොඩට ගෙන ගින්න නිවාදමා ඇති බව පොලිසිය කියයි.


දෙවමැද්දේ කෝරලයේ හදිසි මරණ පරීක්ෂක එල්.එච්.එම්. ප්‍රේමපුෂ්ප මහතා සහ වාරියපොල පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගෙනයාමට උපදෙස් ලබාදුන්හ. 



අදහස් (0)

පොල්කටු පුළුස්සමින් සිටි වළට වැටී පුද්ගලයෙක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site